(දයාසීලි ලියනගේ)
සියළු විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩලවල 230 සප්ත වාර්ෂික නිවාඩු ලබා සේවයෙන් බැහැර වී සිටින බව විගණන පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
මෙලෙස නිවාඩු ලැබූ අයගෙන් බහුතරය මෙරට වෙනත් රැකියාවල යෙදී සිටිමින් තවත් වැටුපක් ලබන බවද අනාවරණය වී ඇත.
ඊට අමතරව ඔවුන් විශ්ව විද්‍යාලයෙන් ද වැටුප් ලබන අතර ඒ අනුව ඔවුන් වැටුප් දෙකක් ලබන බවද අනාවරණය වී ඇත.
සප්ත වාර්ෂික නිවාඩුව ලබන කාලය තුළ මෙම අධ්‍යයනය සේවකයන් ගේ කාර්යභාරය පිළිබඳව කිසිදු සොයා බැලීමක් සිදු නොවන බවද විගණන් අංශ පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විහිළුවක්ද මේ? අනධ්‍යයන සේවකයින්ට ලෝකයේ කිසිඳු රටක සප්ත වාර්ෂික නිවාඩු දීම් නෑ...
ඒ වුණාට මේ අය තමයි පඩි වැඩි කරපියව් කියලා හැම වෙලාවේම පාරට බහින්නේ... මේ සේවකයින් බහුතරයක් දේශපාලන පත්වීම්... පේරාදෙණියට ගියොත් පෙනෙයි කීදෙනෙක් නම් රටට බරක් වෙලා අයිස් ගහනවාද කියලා...
sabbatical leave නැත්තන් සප්ත වාර්ෂික නිවාඩු හිමි වෙන්නේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට පමණි. අනධ්‍යන කාර්ය මණ්ඩලය දීර්ඝ නිවාඩු අවශ්‍ය නම් පඩි රහිත නිවාඩු යා යුතුයි. එම නිසා මෙහි මාතෘකාව අධ්‍යයන ලෙස නිවැරැදි විය යුතුයි. sabbatical leave ලබා ගන්නා අය වෙනත් අධ්‍යයන කටයුත්තක් හෝ වෙනත් ආයතනයකට සම්බන්ධ වී දැනුම, පළපුරුද්ද වැඩි කරගන්නවා හැර වෙන කුමක් කළ යුතුදැයි පහදා දිය යුතුයි.
මේ වරප්‍රසාද ලැබී තිබෙන්නේ අධ්‍යයන කාර්ය මණ්ඩලයටද? නැතිනම් අනධ්‍යයන කාර්ය මණ්ඩලයටදැයි පැහැදිලි නැත. මේ නිවාඩු හිමිවන්නේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට පමණි. එය ඔවුන්ගේ වෘත්තීමය අයිතිවාසිකමකි.
සරසවි අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල ගැන දැනුවත් වුණා නම් හොඳයි.
හොරු එලවන්න කියලා, මේ අය ගෝල්ෆේස් එකටත් ආවලු...
මේක හරි... අනධ්‍යයන සේවකයින් මේ සඳහා යොදා නොගත යුතුයි.