
(ගයාන් සූරියආරච්චි සහ තුසිත කුමාර ද සිල්වා)
ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලින් කෑන්වලට ඉන්ධන ලබා නොදීම හේතුවෙන් සුරතල් මසුන් ඇති කරන ව්‍යාපාරිකයකු මාළුන්ගේ ජීවිත රැකගැනීම සදහා ඊයේ (30) ජෙනරේටරය තල්ලුකරගෙන ඉන්ධන පිරවුම්හලට පැමිණි අයුරු කඩවත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී දැකගත හැකි විය.
පැය ගණනක් විදුලිය කැපීම හේතුවෙන් සුරතල් මතස්‍යයන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් පවතින බැවින් ජෙනරේටරයක් මගින් විදුලිය ලබා දුන්නද ඊට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට කෑන් රැගෙන පැමිණියද ඉන්ධන ලබානොදීම හේතුවෙන් ජෙනරේටරය තල්ලුකරගෙන පැමිණි බව එම ව්‍යාපාරිකයා පැවැසීය.
එමෙන්ම බේරුවල ඇතුළු ගම් රැසක විසිතුරැ මතස්‍ය කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික යෝ පවසති.
අඛණ්ඩව සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් මතස්යායන් මියයාමේ තර්ජනයකට පත්වී ඇතැයි ඔවුහු කියති.
ඇතැම් ව්‍යාපාරිකයෝ සුරතල් මසුන්ගේ ජීවිත බේරාගැනීම සදහා ගෘහස්ත ළිංවලට දැමීමට කටයුතු කරන බවද ඔවුහු කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd