IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


සොරාගත් යතුරුපැදිවලින්ම ගොස් සොරකම් කළ 2 ක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සොරා ගත් යතුරු පැදි වලින් ගොස් වෙළඳසැල් බිඳ  දේපල සොරා ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙක්  අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය කියයි 

 එම සැකකරුවන් එලෙස සොරා ගෙන තිබු ගෙන තිබූ යතුරුපැදි දෙක සහ රුපියල් පනස් දහසක් පමණ වටිනා වියලි ආහාර ද්‍රව්‍ය  මෙන්ම සැකකරුවන් සන්තකයේ තිබී හොරෙයින්  මත්කුඩු ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 380ක් පොලිස් බාරයට ගෙන ඇත 

සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරලස්ගමුව පොලිසියේ ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක කේ ජි විජේරත්න මහතාගේ උපදෙස් මත  බොරලැස්ගමුව  නගරය ආසන්නයේ  යොදා තිබූ මාර්ග බාධකය හරහා    යතුරුපැදියකින්  යාමට පැමිණි පුද්ගලයකු සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත  පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් 5450, සොයා ගැනීමෙන් අනතුරුව  යතුරු පැදියේ ලිපිලේඛන විමසා සිටීමේදී ඔහු  සන්තකයේ  ඒවා නොමැති වීමෙන් අනතුරුව  පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය 

 එම සැකකරුගෙන්  සිදුකළ දීර්ඝ  ප්‍රශ්න කිරීමේදී මීට මාසයකට පමණ ඉහතදී තවත් පුද්ගලයකු සමග එක්ව   පාදුක්ක හා ගල්කිස්ස පොලිස් වසම් වලින් යතුරුපැදි දෙකක් සොරාගෙන එම යතුරුපැදිවලින් ගොස් මහරගම  පිළියන්දල හා මොරගහහේන  ප්‍රදේශවල   වෙළඳසැල් රැසක් බිඳ දේපළ සොරාගත් බවට  තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි 

වයස අවුරුදු 32 හා තිස් 241 අතර පසුවන පසුවන සැකකරුවන් දෙදෙනා බොරලස්ගමුව ග්‍රාම සංවර්ධන මාවත හා මහරගම  ගොඩිගමුව පදිංචිකරුවන්ය 

සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය 

       

 



අදහස් (0)

සොරාගත් යතුරුපැදිවලින්ම ගොස් සොරකම් කළ 2 ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30669 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12668 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10918 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 805 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 892 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site