
(චමින්ද වැවතැන්න සහ පී ශාන්ත බණ්ඩාර)
කෑගල්ල බන්ධනාගාරයේ රැදවියකුට දීමේ අරමුණින් මාවනැල්ලේ පාවහන් වෙළදසලකදී පාවහන් යුගළයක් තුළට ජංගම දුරකතන දෙකක් දුම්කොළ දමා මසද්දී සැකකරුවන් දෙදෙනකු ජංගම දුරකතන දෙකක් දුම්කොළ සමග අද සවස අත් අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය පැවසීය.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අරණායක අරම උඩගම්මැද්ද පදිංචි 33 හැවිරිදි කාන්තාවක හා මාවනැල්ල දනාගම පදිංචි 53 හැවිරිදි සපත්තු මසන්නකු බව පොලිසිය පැවසීය.
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමකට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දැනට කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා තබා ඇති සැකකරුවකුට දීම සඳහා ඔහුගේ උපදෙස් මත දුරකතන දෙකක් හා දුම්කොළ ග්‍රෑම් 42 ක් පාවහන් යුගළයක් ඇතුළතට දමා මාවනැල්ලේ පාවහන් අලෙවි සලක මසමින් සිටින බවට ලැබුණු තොරතරුකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම සිරකරුවෙකුටම රබර් සෙරෙප්පු පමණක් පාවිච්චි කරන්න නියමකලොත් ඔය ප්‍රශ්නයට විසදුමක් නැතිවේද
මේ අත් අඩංගුවට ගැනීම නීති විරෝධී. කෙනෙකුගෙ අරමුණ මෙහෙම වෙයි කියලා හිතලා අත් අඩංගුවට අරගන්ඩ නීතියක් නෑ. කෙනෙකුට ඕනෑ නම් දුරකථනයක්, දුම්කොළ ටිකක් සපත්තුවකට තියලා මැහැව්වාට කිසිම ප්‍රශ්ණයක් නෑ. දුරකථන තහනමුත් නෑ, දුම්කොළ තහනමුත් නෑ. යම් විදියකින් ඒ දේවල් බන්ධනාගාරයට රැගෙන ආව මොහොතකදී අත් අඩංගුවට ගත්තා නම් නීත්‍යානුකූල අත් අඩංගුවට ගැනීමක් වෙනවා.