
(සුජිත් හේවාජුලිගේ)
මත්පැන් නිෂ්පාදන ආයතන දින අනූවකදී බදු සහ ගාස්තු සම්පූර්ණයෙන්ම නොගෙවන්නේ නම් එම මත්පැන් බලපත්‍ර ලාභියාගේ මත්පැන් නිෂ්පාදනය බෙදා හැරීම ඇතුළු සියලු බලපත්‍ර අත්හිටුවීමට විධිවිධාන සැලසෙන ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත.
ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සුරා බදු ගෙවීම පැහැර හැරීම අවම කිරීමේ අරමුණ ඇතිවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බදු ගෙවීම පැහැර හරින ලොකුම තක්කඩි ඉන්නේ එතනෝල් ව්‍යාපාරයේ, මිනිස්සු සල්ලි ගෙවලා අරක්කු අරගෙන ඒවා බීලා මුත්‍රා හැටියට පහ කරලත් ඉවර නමුත් ආණ්ඩුවට මොවුන් බදු සල්ලි දෙන්නේ නැහැ. ඒවාට හේතුව වුනේ එක්කෝ ඒවා දේශපාලකයන්ගේ එහෙම නැත්නම් ඔවුන් එක්ක තියෙන ඩීල් නිසා..
මේ වගේ ප්‍රධාන හා ආර්ථිකයට විශාල බලපෑමක් කළහැකි ව්‍යාපාර හා අංශ කෙරෙහි රජය අවධානයට යොමුකළ යුතුයි. නැතුව වාහන වල කෑලි ගලවනවා වගේ සිල්ලර වැඩ නොකර... මෙවැනි මහාපරිමාණ ව්‍යාපාරිකයින් බදු නොගෙවීමට හේතු දාහක් කියලා යම් යම් අයගේ සහයෝගය මත ගෙවීම් පමා කරලා පසුව ව්‍යාපාරයේ පාඩු පෙන්නලා ඒවා බදු සහන වශයෙන් පොත්වලින් ඉවත් කරනවා. රජය දැඩි තීරණයක ඉඳලා මේ සිස්ටම් එක වෙනස් කරා නම් බදු ගෙවීමේ වගකීම ඔවුන්ගේ ඔලුවට යනවා. එහෙම තමයි සිස්ටම් හදන්නේ...
මෙයාලා සල්ලි ගෙව්වත්, ඊට වඩා වියදමක් යනවා අරක්කු සිගරට් බීලා ලෙඩ වෙන උන්ට බෙහෙත් කරන්න. අවුරුද්දකට රටේ 20,000ක් මේවා නිසා මැරෙනවා. වැඩිම මරණ සිගරට් නිසා. යුද්ධෙ නිසා අවුරුදු 30ටම මැරුනේ 80,000ක් විතර. මේ මිනීමරු සමාගම් අවුරුදු 4න් ඒ ටාගට් කවර් කරනවා.