(සුජිත් හේවාජුලිගේ )
නව කොරෝනා ප්‍රභේද හඳුනා ගැනීම සඳහාවූ ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා පී.සී.ආර් කට්ටල කිහිපයක් අලුතින් ගෙනැවිත් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය .
එසේම ජාන විශ්ලේෂණ පරීක්ෂණ වේගවත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය .
මේ අතර ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ දසදෙනකු මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇත .එම රෝගීන් දස දෙනා ම හඳුනා ගනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළින් PCR මැෂින් එකකට ලක්ෂ 65ක් ගෙවලා තියෙනවා. ආයෙත් බොරුවක් හොයන්න මැෂින් ගේන්න හදනවා. කෝ හැටහුටාහමාරක් මහාචාර්යවරුන්, විශේෂඥයින්, අඩුම ගානේ හැට්ට කට්ටක් හදාගන්න දන්නෙත් නෑ. හදන්න දන්නෙත් නෑ.