(සුජිත් හේවාජුලිගේ )
සියලුම ගොවීන්ට දියර නයිට්‍රජන් ඉදිරියේදී ලබාදීමට රජය කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) පැවැසීය.
හරිත කෘෂිකර්මාන්තයේ අරමුණ සහ ඉලක්කය එක් කන්නයකට දෙකකට පමණක් නොව පරම්පරා ගණනාවකට සෙත සැලසීම බවද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ගොවිජන සේවා නිලධාරීන් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදීය.
හරි දේ කිරීම විශාල අභියෝගයක් බවත් ඊට සාර්ථකව මුහුණදී ඉදිරියට යෑමෙන් අපේක්ෂිත අරමුණු ජයග්‍රහණය කළ හැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය.
ගොවීන් මුහුණ දෙන අපහසුතාවලට විසඳුම් දීමෙන් අපේක්ෂිත අරමුණු කරා ගමන් කළ හැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ගොවීන් හමුවට ගොස් කරුණු පැහැදිලි කරදීම ඉතා වැදගත් බවද සඳහන් කළේය.
පරිසරයත් මහජන සෞඛ්‍ය ආරක්ෂාවත් රැකගනිමින් වැඩි ආදායමක් ගොවියා අතට පත් කිරීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාව බවද කාබනික පොහොර භාවිතය සමග ඉදිරියට යෑමට ගොවීන් දිරිගැන්වීම සියලු දෙනාගේ වගකීමක් බවද ජනාධිපතිවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයිට්‍රජන් වචනේ අල්ලාගෙන කියෙව්වට තියෙන්නේ දියර යුරියා.
අසමත් බවේ ප්‍රතිමූර්තියවන් ජනපතිතුමනි, රටට දැන් කල හැකි ලොකුම සේවය කරන්න පුළුවන් කෙනෙකුට කිරීමයි. එවිට, ජාතියටම කිරිබත් කෑමට අවස්තාවක් ලැබේ.
ගුවන් ප්‍රවාහන කටයුතු සඳහා දළ වශයෙන් 10 ගුණයක් වැඩියෙන් වියදම් කළ හැකි වීම කණගාටුවට කරුණකි. රටේ මුදල් අර්බුදය ගැන සලකා බලන විට තීරණාත්මක වන මහජන මුදල් මෙම උමතු දේශපාලකයින් විනාශ කරති!
"යුරියා" කියල කියන්නෙත් මේවටම නේද? දැන් රසායනික තහනම් නැද්ද එතකොට නැත්නම් ඒකත් රිවර්ස් ගැහුවද?
කාබනික කතාව අමතක කරන්න. ජෛව පොහොර යන වචනය ආදේශ කරන්න. එනම් සත්ව සහ ශාක කොටස් මගින් නිපදවා ගන්නා පොහොරයි. රටේ කෘෂි හා වැවිලි කර්කර්මාන්තය වඩාත් පලදායි වන විධියටත් සෞඛ්‍යට හිතකර විදියටත් අවශ්‍ය යෙදවුම් ගැන තීරණය කල යුත්තේ ඉතාමත් බුද්ධිමත් විදියටයි. 2014 සමයේ ද රසායනික පොහොර සහ යෙදවුම් අහිතකර බව ප්‍රචාරය වුනහම වර්තමාන මුදල් ඇමැති සහ එවකට ආර්ථික සංවර්ධන ඇමති කිවේ එම ප්‍රචාර අපගේ සංවර්ධන ඉලක්ක අඩාළ කිරීමට ධනවත් රටවල් කරන ඒවා ලෙසයි. ජෛව පොහොර කරා යාමේදී, ජෛව පොහොර නිපදවීමේ අප සතු ධාරිතාව, සාර්ථක ජෛව පොහොර නිපදවීම සඳහා ගොවිපොළ කළමනාකරණය, භාවිතාවේ ක්‍රම වේදය, සාර්ථකත්වය, ආර්ථික බලපෑම වැනි සියලුම කරුණු හොඳින් සලකා බලා ගත යුතු සබුද්ධික තීරණයකින් පසුව ක්‍රියාත්මක කල යුත්තක් බව ඔබ තුමාට වැටහේවා ! එසේම අනුන්ගේ ජෛව පොහොර ගෙන්වීමත් කිසිම ආකාරයකින් සුදුසු නැහැ.
අපිටම ලැජ්ජයි ඡන්දය දුන්නට.
මේක තමයි කියන්නේ, දියුණු රටවල වගේ රටේ නායකයාගේ මානසික තත්වය වාර්ෂිකව පරික්ෂා කරන්න ඕනෑ කියලා. නැතිනම් අපේ රට ඉවරයි..
මෙච්චර කල් කරන්න බැරී වෙච්චි දේ ඉදිරියේදී කොහොම කරන්නද දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ..?