
(ඉන්දිකා රාමනායක)
සියලුම හමුදා සාමාජිකයන්ට හා විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන්ගේ නිවාස සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් පස් අවුරුදු ක්‍රමෝපායික සැලැස්මට අනුව ක්‍රියාත්මක කරන “විරු අබිමන” නිවාස ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇති බව යුද හමුදාව පවසයි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයක් අනුව හමුදාවේ සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නිවාස සිහිනය සෑබෑ කර ගැනීමට විශ්‍රාමික සාමාජිකයින් හට ද අභිමානවත් විශ්‍රාම දිවියක් ගත කිරීම උදෙසා තමන්ගේම නිවසක හිමිකරුවකු වීමේ සිහිනය යාථාර්ථයක් බවට පත් කිරීම සදහා මෙම වැඩසටහන අරමුණ බව හමුදාව පවසයි.
මෙහිදී නව නිවසක් ඉදිකර ගැනීම නිවාස අලුත්වැඩියාව නිවසක් මිලදී ගැනීමල නිවසක් කිරීම සඳහා ඉඩමක් මිලදී ගැනීම සහ මහල් නිවාස සංකීර්ණයක නිවසක් මිලදී ගැනීම සඳහා ණය අයදුම් කළ හැක
යුද්ධ හමුදාවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා රුපියල් මිලියන 03 සිට මිලියන 15 දක්වා “විරු අබිමන” නිවාස ණය යෝජනා ක්‍රමය හරහා ණය මුදල් ලබා ගත හැකි බවද හමුදාව කියයි.
සහනදායී ස්ථාවර වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ණය මුදල ලබා ගත හැකි අතර , තමන් විශ්‍රාම ගැනීමෙන් පසුව වයස අවුරුදු 70 දක්වා විශ්රාවම වැටුපෙන් ණය මුදල ගෙවා අවසන් කිරීමේ හැකියාව පවතී
එමෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙන් අනුමත නිවාස සැලසුම් 05ක් යටතේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙතින් නිවස ඉදිකර ගත හැකි අතර ඒ සඳහා තම රෙජිමේන්තුවෙන් වැඩ කණ්ඩායම් ලබා ගැනීමටද මෙම ණය පහසුකම ලබා ගන්නා ඕනෑම අයෙකුට අවස්ථාව හිමිවේ
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුබසාධක අධ්යණක්ෂ මණ්ඩලය විසින් නිර්දේශ කිරීමෙන් අනතුරුව මහජන බැංකුව විසින් අදාළ ණය මුදල ලබා දෙන අතර දිවයිනේ ඕනෑම මහජන බැංකුවකින් විරු අබිමන නිවාස ණය යෝජනා ක්රිමය යටතේ ණය මුදල් ලබා ගැනීමේ හැකියාව පවතී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල්කටු හැන්දෙන්ම බෙදාගෙන තියෙන්නෙ
නිවාස ණය ලබා ගැනීම සඳහා...!
ඉතාමත්ම හොද දෙයක්.විස්තර දැනගත යුත්තේ කෙසේද..බැංකු නයපියවන්න.පුලුවන්ද.