
(සුජිත් හේවාජූලිගේ)
ප්‍රතිපාදන වෙන් කර මෙතෙක් වැඩ ආරම්භ කර නොමැති සහ අතරමඟ නවතා ඇති සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අරඹන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේක්ම්වරුනට අද උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ ආණ්ඩුකාරවරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීය.
ප්‍රාදේශීය සංවර්ධන වැඩපිළිවෙළේදී ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් පෙරමුණ ගෙන ක්‍රියා කළ යුතු බවත් සියලු සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම ද මෙම දෙපිරිසට පමරන බවත් ජනාධිපතිවරයා කීවේය.
ග්‍රාමීය ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ කඩිනමින් අත්කරදිම රජයේ අපෙක්ෂාව යැයි ද රාජපක්ෂ මහතා පවසයි.
පරිසර විනාශයක් දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බවට ඇතැම් පිරිස් විසින් හුවා දක්වනු ලැබීම මාධ්‍ය සංදර්ශනයක් බව දිස්ත්‍රික් ලේකම්වරු මෙහිදී කීය.
ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රජා වන වගා ව්‍යාපෘති පුළුල් කිරීමෙන් පාරිසරික ගැටළු රැසකට විසඳුම දීමට හැකිහෙයින් ඒ සඳහා යොමුවන්නැයි ජනාධිපතිවරයා නිලධාරීනට දැනුම් දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්.. ඔව්.. ඊළඟ නාටකය පළාත් සභා ඡන්දය එනවනේ...
ඔව්, වනාන්තර විනාශයට ‘‘සංවර්ධන ව්‍යාපෘති‘‘ කියන එකත් හොඳ නමක්... සිංහ හමක් පොරවාගත්ත කෙනෙක්ව අඳුනාගන්න බැරි 68 ලක්ෂයක් බයියන්ට ජයවේවා.
ඒ කියන්නේ සල්ලි දීලා, වැඩේ පටන්ගන්නේ නැතිව ඉන්නවා නන්දසේන කියනකම්.. මොන විහිළුද මේ? ඇත්තටම 10වසරේ ළමයි ටිකකට. රටේ පාලනය බාරදුන්නා නම් මීට වැඩිය හොඳයි... අර භාග්‍යා වගේ.
ලංකාවේ හිටපු අසාර්ථකම නායකයා තමයි. ඒක දැන් සක්සුදක් සේ පැහැදිලියි.
විශාල වියදමක් දරලා ගමට යන්නේ ජනතාව මුහුණ පාන ප්‍රශ්න ගැන අහලා දැනගන්න කියලා කීවට දැන් කෙරෙන්නේ නහයෙන් අඬ අඬා තමන්ගේ ප්‍රශ්න ගැන ජනතාවට කියන එක කියලයි ජනතාව කියන්නේ...