
(රෝෂන් තුෂාර)
වීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා ලෙස පෙනී සිටිමින් තරුණියන් රවටා ලිංගික හිංසන සිදු කළේ යැයි අත් අඩංගුවට පත් පොල්ගහවෙල තැපැල් සේවකයා ලබන විසි එක දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (7) නියෝග කළාය.
රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉසුරු කරුණාදාස සැකකාර තරුණයා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සැකකරු චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව සලසා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණියන්ගේ නිරුවත් රඟපෑම් වට්ස් ඇප් නරඹා ඇති බවත්, ඔවුන්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවත් සඳහන් කළේය.
සැකකරු අත්අඩංගුවට ගැනීමට වසර දෙකක කාලයක් ගත වූ බවද රහස් පොලිසිය පැවසීය.
කිසියම් පුද්ගලයෙකු තමන්ගේ ඡායාරූපය යොදා සකස් කර ගත් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හරහා කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඇති බවට චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෝමරත්න දිසානායක ලෙස රඟපෑ තැපැල් සේවකයා රිමාන්ඩ්
Perera Thursday, 07 August 2025 05:35 PM
ඔස්කා සම්මානයට අරින්න ඕන මිනිහෙක් ඇයි රිමාන්ඩ් එකට ඇරියේ...? නියම රංගනයක් කාලයක් තිස්සේ කරලා තියෙන්නේ...