(අංජුල මහික වීරරත්න)
කිසි විටෙකත් සාමය කඩවන අකාරයෙන් කිසිඳු ක්‍රියා මාර්ගයක් නොගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
සාමය කඩවන ආකාරයේ කිසිදු ක්‍රියාවකට අනුබල නොදෙන ලෙස ඉල්ලා සිටින රුවන් විජයවර්ධන මහතා අධිකරණය කෙරෙහි පූර්ණ විස්වාසයකින් යුතුව කටයුතු කරන ලෙසත් සියලු පාර්ශව වෙතින් ඉල්ලා සිටින්නේ යැයි සඳහන් කරයි.
රුවන් විජයවර්ධන මහතා සිය නිවේදනයෙන් මෙසේද සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ යනු හය වරක් අගමැති වරයක් ලෙසත්, ඉතාම තීරණාත්මක මොහොපක රටේ ජනාධිපති ධූරය බාර ගෙන රට සංසිඳවීමකට ලක්කළ නායකයෙකු ලෙසත් පක්ෂ භේදකින් තොරව කවුරුන් තුලත් ගෞරවයන් සහ පිළිගැනීමක් ඇති නායකයෙකු බව රහසක් නොවේ.
තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් කිසි විටෙක ඔහු කටයුතු කර නැති අතර ඔහු හැම විටෙකම මේ රට පවතින තත්ත්වයට වඩා යහපත් තැනකට ඔසවා තැබීමට දිවි හිමියෙන් ඇප කැප වී ඇත.
සෑම මොහොතකම ඔහුට ලැබුණේ සියල්ල සම්පුර්ණ රටක් නාවේ. ඔහු බලය ලබාගත් සෑම මොහොතකම ඔහුට එම අභියෝගයට මුහුණ දෙන්නට වූ අතර එහෙත් ඔහු අභියෝගය ජයගත්තේය.
2022 පළමු භාගය දිවයිනේ ඉතිහාසයේ වඩාත්ම අවාසනාවන්ත කාල පරිච්ඡේදයක් වූ අතර එය බලාපොරොත්තු සුන්වීම, ශෝකය සහ දරුණු කැලඹීම් වලින් ව්‍යාකූලව තිබූ අතර, එම කාලය රටේ කිසිවකු සිහිපත් කිරීමට පවා කැමති නැති අඳුරු සමයකි.
දෙකෝටි විසිලක්ෂයකට වැඩි ජනතාවන්, මුලු මහත් රටත් අරාජික තත්ත්වයක දොරකඩ සිටින මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා හිස් අතින් පැමිණ මේ රට භාරගත් අයුරු පක්ෂ විපක්ෂ කාගේත් මතකයේ නොතිබෙන්නට නොහැක.
සෑම අතින්ම ව්‍යාකූල වූ සහ ආර්ථික වශයෙන් බරපතල අගාධයකට වැටී තිබූ අවස්ථාවල ඔහු නිර්භීතව රට භාරගෙන, සුවපත් රටක් බිහි කළේය. ආසන්න වශයෙන් අවසන් වරට ඔහු ජනාධිපති ධුරය භාරගත්තේ පෝලිම් වල ජනතාව මියැදෙමින් සිටිය විටය. පාසැල් වසා දමා, රෝහල් වල බෙහෙත් නැතිව, වාහන වලට තෙල් නැතිව, රටේ කිසිදු ඩොලරයක් නැතිව මේ රටම මරණ මංචකයේ හුස්ම අදිමින් සිටින මොහොතකය.
ඒ තීරණාත්මක අන්ධකාර සමය තුල කිසිවෙක් මේ රට භාර ගන්නට ඉදිරිපත් වුයේ නැත. ශ්‍රී ලංකාව නිදහස් ඉතිහාසයේ නොවූ විරූ සහ දරුණුතම ආර්ථික අර්බුදයක සිටි මොහොතේ රට භාරගෙන ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද කාලෝචිත ප්‍රතිපත්ති හේතුවෙන් අද රට මේ තත්ත්වයේ තිබේ.
ඔහු, මේ රටේ ඉගෙන ගෙන, මේ රටේ දේශපාලනය කර, මේ රටේ අනාගතය වෙනුවෙන් දශක ගණනාවක් ඉතිමහත් කාර්‍යබාරයක් ඉටුකොට ඇත. අභියෝග වලට මුහුණ දෙන්න නොහැකිව සමහරු පලා යද්දී, ඔහු අරාජික වෙන්නට ගිය රටක් ඉදිරිපිටට පැමිණ ඒ රට බේරා ගන්නට කටයුතු කළේය.
රටේ අර්බුදය නිමාකොට නිසි පරිදි මැතිවරණ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පරමාධිපත්‍යයට ඉඩකඩ දුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණයේදීත් පරාජයේදීත් උපේක්ෂාවෙන් කටයුතු කළ බව අමතක කළ නොහැක.
ඔහු, ජයග්‍රහණය කළ විට එයින් උන්මාදයට පත්වුණේත්, පරාජය වූ විට බලය අල්ලාගෙන සිටීමට උත්සාහ කළේත් නැත. නීතියට ගරු කළ ඔහු කිසි විටෙක පිරික්ෂණ වලට මුහුණ නොදී පලා ගියේද නැත. විමර්ශන කටයුතු වලට නිරන්තරයෙන්ම සහය දුන් සහ අධිකරණයට ගරු කළ චරිතයක් ලෙස ඔහු පිළිබඳව කා තුලත් ගෞරවණිය විශ්වාසයක් තිබේ. ඒ කටයුතු වලින් ඔහු කිසිවිටෙක පලායන්නෙකු නොවේ.
එබැවින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙසත්, තවත් අතකින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාතියෙකු ලෙසත් මා අවධානය යොමු කරන්නේ ඔහු මේ රටට කළ මෙහෙවර පිළිබඳව අවධානය යොමු කරන ලෙසය. දශක හතකට වැඩි ඔහුගේ ජීවිතය තුල දශක පහකට වැඩි කළක් ඔහු මේ රට ගොඩනැගීම වෙනුවෙන් ගත් වෑයම පිළිබඳව අවධානය යොමු කරන ලෙසය. හය වතාවක් අගමැතිවරයෙකු ලෙසත් වරක් ජනාධිපතිවරයෙකු ලෙසත් කටයුතු කරමින් රට වෙනුවෙන් කළ වෙහෙසකර කැපවීම පිළිබඳව අවධානය යොමු කරන ලෙසය.
දේශපාලන කන්නාඩි වෙනුවට මනුෂ්‍යත්වයේ සහ කළගුණ වටහා ගැනීමේ අවංකත්වය පිළිබඳව හෘදසාක්ෂිය අවදි කරගන්නා මෙන් මම කාරුණිකව සිහිපත් කරමි.
එසේම දේශපාලන එදිරිවාදිකම් නොසලකා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මේ මොහොතේ පෙනී සිටින චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරුන්ටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමස්ත විපක්ෂයේ නායකයින්, මන්ත්‍රීවරුන් හා ක්‍රියාකාරීන් වෙතත් නීතිඥ ප්‍රජාව වෙතත්, වෛද්‍ය කාර්ය මණ්ඩල වෙතත්, විදෙස් රාජ්‍ය තන්ත්‍රිකයින් වෙත මගේ ප්‍රණාමය පුද කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.
වාහනයක් ලගාවිය නොහැකි, රෝහලක් ලගක නැති ජීවිත බේරා ගන්නට ඔහු සුව සැරිය ආරම්භ කළ අතර එහෙව් ඔහු අද මෙවන් තත්ත්වයකට මුහුණ දී සිටී. මුලු රටම කිසිදු බලාපොරොත්තුවක් නැතිව අපේක්ෂ භංගව සිටි මොහොතක රට භාරගත් ඔහු අද බන්ධනාගාරගතව සිටී.
මා ඉල්ලා සිටින්නේ හෘදසාක්ෂිය අවදි කරගෙන මේ තත්ත්වය දෙස බලන ලෙසට ය යනුවෙන් රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සාමය කඩවන කිසිදු වැඩකට අනුබල දෙන්න එපා
අකිල Tuesday, 26 August 2025 11:23 AM
ගෝටගේ කාලේ ගෙවන්න බැරි උන නිසා බංකොලොත් කියල කියන්න උන වාණිජ ණය බිලියන 16 යෙන් 12ක් තියෙන්නේ රනිල් නේද ?
Duminda Jayanath Udayakumara Tuesday, 26 August 2025 11:24 AM
රට බේරගන්න තුන් දෙනෙක් ඉදිරිපත් උනා අමතක වෙලා වගේ .සාමය ගැන කියන්නේ ,රට හරි මාවතේ යනවා දැක්කම මුන්ට වහ කදුරු වගේ
idr tharanga Tuesday, 26 August 2025 11:57 AM
මොකෙක්වත් එන්නෙ නෑ. ඔය ලමයි ගෙදර ගිහින් වැඩක් බලාගන්න
සෙනෙවිරත්න Tuesday, 26 August 2025 12:10 PM
ඔය කියන ඒව කරන්න තමයි ඔතනට යැව්වෙ, හැබැයි දවසට දෙකකට රුපියල් කෝටි එකසාය හැට හයක් තමන්ගෙ පෞද්ගලික වැඩකට යොදවන්න පුළුවන් කායල ඒකෙන් කියවෙන්නෙ නැහැ. වැඩක් කරල කුල මල කියන එක මෝස්තරයක් වෙලා, තමන්ගෙ වගකීම වගවීම තේරුම් ගන්න.
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 26 August 2025 12:28 PM
නිවේදනයේ මුල්ම චේදය මෙසේ නිවැරදි විය යුතුයි. "හයවරක් අගමැති වෙලා, අවසාන වතාවට පිණට ජනපතිවෙලා රටට කෙළවපු පොරක් හැටියට පක්ෂ භේදයකින් තොරව කවුරුන් තුලත් ගෞරවයක් සහ පිළිගැනීමක් ඇති බව රහසක් නොවේ"
සෙනෙවිරත්න Tuesday, 26 August 2025 12:35 PM
එහෙම කරල පිහිටකුත් නැත. තමන් ගාස්තු ගෙවාගෙන නඩු යන්න පුළුවන් වැරදිවැඩ කරල