(ඩයනා උදයංගනී)
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනවාරි 18 වැනිසා ආරම්භ කරන්නේ ද යන්න ගැන තීරණයක් ඉදිරි දින 10 තුළ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
බස්නාහිර පළාතේ හා දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් දෙසැම්බර් පළමු සතිය හෝ එම මස මුල් දින 10 තුළ විවෘත කිරීමට නොහැකි වුවහොත් එම පාසල්වල විභාගයට පෙනී සිටින දරුවන්ට අසාධාරණයක් වන බැවින් දැනට තීරණය කර ඇති පරිදි විභාගය ආරම්භ කිරීම සාධාරණ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව ඉදිරි දින කිහිපයේදී එම පාසල්වල සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ නොකළොත් විභාගය කල්දැමීම උචිතදැයි සලකා බැලීමට සිදුවන බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කීවේය.
විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් කොටසකට පන්ති පැවැත්වෙද්දී කොටසකට පන්ති නොපවත්වා විභාගය පැවැත්වීම සාධාරණ නැතැයි කී ඇමතිවරයා දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද මගින් ඔවුන්ට වන පාඩුව අවම කිරීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇතත් එය සම්පූර්ණ විකල්පයක් යැයි නොසිතන බව ද පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
බොහෝ ප්‍රදේශයන්හි පාසල්වල විෂය නිර්දේශය නිසි ලෙස ආවරණය කර නොමැති නිසා ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී සහනයක් දෙනවාද? යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වෙනත් රටවල අත්දැකීම් අධ්‍යයනය කිරීමට සිදුවන බවයි.
ප්‍රශ්න පත්‍ර සකස් කිරීම සම්පූර්ණ විෂය නිර්දේශය අනුව සිදුකරන්නේ ද ආවරණය කළ කොටස පමණක් ආවරණය වන පරිදි සකස් කරන්නේද ආදී වශයෙන් ඉදිරියේදී සළකා බලන බව කී ජී.එල් පීරිස් මහතා ආරම්භ කරන දිනය
සංශෝධනය කළ යුතුද, විභාගය පවත්වනවා නම් කුමන ක්‍රමවේදයක් යටතේ ද යන්න ගැන දින 10ක් තුළ තීරණයක් ගන්නා බව සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සාමාන්‍ය පෙළ විභාගය ගැන අවසන් තීන්දුව දින 10 කින්
සේන Friday, 27 November 2020 08:49 AM
ගොඩක් ඉගෙන ගත්තාම එයාලා ප්‍රායෝගික නෑ. මේ තරම් අනතුරුදායක තත්වයකදී පාසල් සේරම ළමයින්ට විවෘත කළේ මොන එහෙකටද? සාමාන්‍ය පෙළ ළමයි ටිකටනේ ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ. සා.පෙළ. තියන එකත් ප්‍රශ්නයක් කරගත්තා... ඩලස් මහත්මයා හිටියා නම් මීට වඩා වෙනස් තීරණයක් ගන්නවා ප්‍රායෝගික වන..