IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


සුමන්තිරන්ගේ විශේෂ ආරක්ෂාව හදිසියේම ඉවත් කරයි

(ලක්ෂ්මී ජයකොඩි)

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ සුමන්තිරන් මහතා වෙත ලබාදී තිබුණු විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ඊයේ (07) රාති‍්‍රයේ සිට හදිසියේම ඉවත් කර ඇත.

මේ පිළිබඳව කිසිදු පෙර දැනුම්දීමක් සිදු නොකෙරුණු බව සුමන්තිරන් මහතා පවසයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වශයෙන් ලැබෙන පොලිස් ආරක්ෂාව එයාකාරයෙන්ම තිබෙන බව සඳහන් වේ.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පැවති පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා පාගමනේ ආරම්භක අවස්ථාවේ සිට අවසානය දක්වාම සුමන්තිරන් මන්තී‍්‍රවරයා සහභාගී වු අතර එබැවින් මන්තී‍්‍රවරයාට ලබාදී ඇති විශේෂ ආරක්ෂක අංශයට ද එම පාගමනට එක්වීමට සිදුවිම පිළිබඳ සොයා බැලීමක් සිදු කිරීමට ඔහුගේ විශේෂ ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වේ.

මීට ටික කලකට ඉහත දී සුමන්තිරන් මන්තී‍්‍රවරයාට මරණ තර්ජන ඇති බවට හෙළිදරව් වු අතර ඒ හේතුවෙන් මෙලෙස ඔහුට විශේෂ කාර්ය බළකා ආරක්ෂාවක් ලබා දී තිබිණි.

 



අදහස් (7)

සුමන්තිරන්ගේ විශේෂ ආරක්ෂාව හදිසියේම ඉවත් කරයි

Senarath Monday, 08 February 2021 08:08 AM

රටේ අපරාධකරුවන්ට විරුද්ධව නඩු තීන්දු දෙන විනිසුරු වරයෙකුට දෙන්නෙත් එක පොලිස් නිලධාරියෙක්ගේ ආරක්ෂාව විතරයි නම් මෙයාලාට පොලිස් ආරක්ෂාව තිබුණාම හොඳටම ඇති. මෙයාලගෙන් රටට ඇති සෙතේ කුමක්ද?

:       15       144

Hiran Monday, 08 February 2021 08:52 AM

හොඳයි අපෙන්ම ආරක්ෂාව ලබාගෙන අපිටම දෙන්නනේ හදන්නේ...!!! 

:       11       105

Raveendra Monday, 08 February 2021 09:07 AM

එකල නැට්ට කොහේදවත් සිතා ගැනුමට නොහැකි විදියට හංගගෙන හිටිය නිවටයින් දැන් හෙන වීරයින් වෙලා.. ඒ එක්කම අඬනවා ආරක්ෂාව ගැන.. "දෙපත් ගැරඩින් " තමයි ඉන්නේ...

:       9       90

සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 February 2021 09:17 AM

කොටි සටනට උදව් දෙන හා රට වැනසීමට පැමිණි කොටි කල්ලියේ අය වෙනුවෙන් උදව් උපකාර කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු හට කිරීමට බැහැ. මන්ත්‍රී වරයෙකු ලෙස දිව්රුම් දීමේදී රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන කිසිවක් හෝ ඊට පටහැනි කිසිවක් නොකරන බවට දිවුරුම් දෙනවා. එසේ කොට මොහු රට වැනසු ත්‍රස්තවාදී කල්ලියක් වෙනුවෙන් පෙළපාලි ගියා. ඒ නිසා වැඩි ආරක්ෂාව ඉවත්කිරීම වැදගත්...

:       10       88

පිට්ගල මිලානෝ Monday, 08 February 2021 09:17 AM

බොහොම හොඳයි...!

:       8       75

බද්රානි Monday, 08 February 2021 10:36 AM

නිවට සිංහලයින්, පාලකයින්ට ආවඩා ගෙන හිටියාට දෙමළ ජනතාව එහෙම නැහැ. සුමන්තිරන් මහත්මයා උගත්, බුද්ධිමත් පුද්ගලයෙක්. අනික, එතුමා හොර තක්කඩි දේශපාලකයෙක් නොවෙයි. මෙතුමා තමන්ගේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙරමුණ ගැනීම කොහොමද වැරැද්දක් වෙන්නේ? බහුතර සිංහල ජාතියේ අය කරන තක්කඩිකම් සාධාරණීකරණය කරගෙන අන් ජාතිකයින්ගේ නුගුණම දකින ජාතියට තරු පෙනෙන දවස වැඩි ඈතක නැහැ.

:       37       27

Rata Perata Monday, 08 February 2021 12:23 PM

අපේ දේශපාලකයෝ නම් පෙළපාලිම යයි අපි වෙනුවෙන්. ඒ අය අපේ තියෙන ටිකත් හොරකම් කරනවා. දැක්කනේ සුනාමි සල්ලිවලට ගැහුව හැටි. ඒ වගේම අපේ සල්ලිවලින් සොහොන් හදපු හැටි. ඒත් අපේ අය තාම කඹුරනවා.

:       7       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site