
(යොහාන් භාසුර)
රට තුළ ඇති වී තිබෙන සිමෙන්ති හිඟයට ආනයන සඳහා ඩොලර් ගෙවීමට ඇති ගැටලුව ප්‍රධාන සාධකය බවත් මිල වැඩි කිරීමට අවසර නොලැබීමත් වර්තමාන හිඟයට බලපා ඇති බවත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිමෙන්ති සමාගමක උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.
ශ්‍රී ලංකාවේ සිමෙන්ති ඉල්ලුමෙන් සියයට 60 ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඉතිරි සියයට 40 ආනයන කරන බව කී එම නිලධාරියා ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් බොහෝ සමාගම් ආනයනය අත්හිටුවීම මෙම තත්වය හේතුව බව ද සඳහන් කළේය.
දේශීය සිමෙන්ති නිෂ්පාදනයේ සැළකිය යුතු අඩුවක් වී නොමැති බව සඳහන් කළ එම නිලධාරියා සිමෙන්ති හිඟයක් පැවතීම හේතුවෙන් මහා පරිමාණ ඉදිකිරීම් සමාගම් සහ පුද්ගලයන් සිමෙන්ති රැස්කිරීම නිසා දැඩි හිඟයක් නිර්මාණ වී ඇතැයි ද කීය.
මෙම වසර මුල සිට සිමෙන්ති මිල වැඩි කිරීමට ඉල්ලීම් කළ ද ඒ සඳහා අවසර නොලැබීමෙන් බොහෝ සිමෙන්ති ආනයනකරුවන් ආනයනය නතර කර ඇති බවත් කිලෝ 50 සිමෙන්ති කොට්ටයක් රුපියල් 50 කින් නොව ඊට වැඩි මුදලකින් ඉහළ දැමීමට ඉල්ලා ඇතැයි ද එම නිලධාරියා පැවසීය.
ආනයනික සිමෙන්ති සමාගමක නිලධාරියකු පැවසුවේ වාණිජ බැංකුවලින් ඩොලර් නොලැබීම හේතුවෙන් සිමෙන්ති ආනයනය අත්හිටුවා ඇති බවත් මීට පෙර පැය කීපයකින් ලබාගත් ලිපිලේඛණ ලබාගැනීම සඳහා දැන් සති කීපයක් ගතවන බවයි.
රට තුළ මේ වන විට ඇති සිමෙන්ති හිඟය හේතුවෙන් රුපියල් 950 ක් වන සිමෙන්ති කොට්ටයක් රුපියල් 1400 ත් 1500 ත් අතර මිලකට නිල නොවන මට්ටමින් අළෙවි කරන බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොනවද හිඟ නැත්තේ දොරේ...?
ඕකට එකම විසදුම රුපියල ඉවත් කරලා ඩොලර් ආදේශ කිරීම
කෝ අර රට රටවල සිස්ටම් හදාරපු කෙනා
රු.1500ටත් විකුනනවා
අපෙ රටේ ගුවන්තොටුපලේදී PCR මිල තීරණය කරන්නෙ, පුරාවිද්‍යා ස්ථානවල සංචාරකයන්ට මිල ප්‍රදර්ශනය කරලා තිබෙන්නෙ, හොටල් වල මිල සියලු දෙයක්ම නියම කරන්නෙ ඩොලර් වලින්. ඉතුරු ඒවත් ඩොලර් වලින් කරල අපෙ වැටුපත් ඩොලර් වලින් ලැබුන නම් මේ ප්‍රශ්නෙ විසඳෙනවා.
@de silva, ඔව් ඔව් ඔක්කොම කරන්ඩ තිබුන, බියගම ෆැක්ටරියෙන් ඩොලර් නෝට්ටුත් ගහන්ඩ පුලුවන් කම තිබුනා නම්.
ඉහළ ප්‍රමිතියකින් සිමෙන්ති නිපදවා විනිමය ඉතිරි කල ගාල්ලේ, පුත්තලමේ හා කංකසන්තුරේ සිමෙන්ති කම්හල් වැසීයාමට කටයුතු සැලැස්සූ ඔලමොට්ටල තීරණ ගත්තු දේශපාලුවොත්, කම්කරුවන් උසිගන්වා බලයට පැමිණීමට දගලන කාළකණ්නිත් මේවාට වග කිව යුතුය
ඩොලර් නැත්නම් ඒකට ප්‍රතිකර්ම යෙදවීම ආණ්ඩුවේ වැඩකි. බඩු හිඟ වීම මිල වැඩිකිරීමටත් වඩා ජනතාව අපහසුතාවට පත්කරන්නකි. මේ අතීත අත්දැකීම් පාඩම් ඉගෙන නොගැනීම ආණ්ඩුවේ දුර්වල කමකි.