IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සමුද්‍රීය පරිසර ආරක්ෂණ සභාවේ සභාපති සෙව්වන්දි ජයකොඩි

(අංජුල මහික වීරරත්න)

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන සමුද්‍රීය පරිසර ආරක්ෂණ සභාවේ සහාපති ලෙස මහචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය පත් කර තිබේ.

 පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා විසින් අදාළ පත්වීම් ලිපිය අද (22)  ප්‍රදානය කිරීම පරිසර අමාත්‍යංශයේ දී සිදු කෙරිණි. 

ශ්‍රී ලංකාවේ වයඹ විශ්වවිද්‍යාලයේ ජලජීවී වගා හා ධීවර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහචාර්යවරිය ලෙස සේවය කරනු ලබන සෙව්වන්දි මහත්මිය ශ්‍රී ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් සත්ව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධියත් (BSc Hons in Zoology), ඉන්දියාවේ WII ආයතනයෙන් වනජීවී සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ එක්සත් රාජධානියේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයෙන් සත්ව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් (PhD in Zoology) ලබා ඇත.

ඇගේ පර්යේෂණ වෙරළබඩ පරිසර පද්ධති, මානව ක්‍රියාකාරකම් වල බලපෑම්, ප්‍රතිපත්ති හා පාලනය සහ වෙරළබඩ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ සුවිශේෂී වනු ඇත. 

ඇය ශ්‍රී ලංකාවේ ජාතික කඩොලාන විශේෂඥ කමිටුවේ සභාපතිවරිය ලෙසත්, ජාතික පරිසර සභාවේ හා ජාතික නිල් කාබන් කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් ලෙසත් කටයුතු කරනු ලබයි.

 



අදහස් (2)

සමුද්‍රීය පරිසර ආරක්ෂණ සභාවේ සභාපති සෙව්වන්දි ජයකොඩි

Asanga Friday, 22 August 2025 02:20 PM

කැළණියට හෝයියා...

:       6       4

Bunny Preena Saturday, 23 August 2025 09:49 AM

ඔබතුමාට මගේ සුබපැතුම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site