
(අංජුල මහික වීරරත්න)
සමථකරණ ක්‍රියාවලිය සඳහා මෙම වසරේ රුපියල් බිලියනයකට වඩා වැඩි මුලක් වෙන් කර තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.
අධිකරණයේ ගොඩගැසී ඇති නඩු ලක්ෂ දෙකක් පමණ සමථකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමෙන් අඩුකර ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ සෑම වසරකම ජූලි 18 වන දිනට යෙදී ඇති ජාතික සමථ දිනය සැමරීමේ උත්සවය අමතමිනි.කොළඹ 7 පදනම් ආයතනයේදී මෙම උත්සවය පැවැත්විණි.
1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත යටතේ 1990 වසරේ ජූලි මස 18 දින සිට සමථ මූල මණ්ඩලය පිහිටු වීමෙන් අනතුරුව වසර 35ක් ඇතුලත ස්වේච්ඡාවෙන් හා කැපවීමෙන් ජාතික මෙහෙවරක් ඉටු කරනු ලබන සමථ මූල මණ්ඩල සභාපතිවරුන් ඇතුළු සියළුම සමථකාරකයන්ට ප්‍රණාමය පුද කිරීම සඳහා ජාතික සමථ දින සැමරීම සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් රජයේ සේවයේ මාණ්ඩලික මට්ටමේ නිළධාරියෙක් හැටියට සේවයකර විශ්‍රාම ලැබූ අයෙක්. කීප දෙනෙකුගේ ඉල්ලීම මත මමත් එක්වරක් අයදුම්පතක් ඉදිරිපත් කලා සම්මුඛ පරීක්ෂණ සදහා අධ්‍යාපන සහතික රැගෙන එන්න කිව්වා රාජ්‍යසේවයේ විනය පරීක්ෂණත් කර තිබූ මට අධ්‍යාපන සහතික ස සොයන්න අපහසු නිසා ගියේ නැහැ සාමාන්‍යයෙන් රාජ්‍යසේවයේ අවුරුදු තිහකට වඩා සේවය කල නිළධාරියෙකුට අවසන් වශයෙන් සේවයකල ආයතනයේ ගතහැකි සේවා සහතිකයක් මත බදවා ගැනීමට ක්‍රමයක් ක්‍රියාත්මක කරනවානම් හොදයි