
(අංජුල මහික වීරරත්න)
සමථකරණ ක්‍රියාවලිය සඳහා මෙම වසරේ රුපියල් බිලියනයකට වඩා වැඩි මුලක් වෙන් කර තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.
අධිකරණයේ ගොඩගැසී ඇති නඩු ලක්ෂ දෙකක් පමණ සමථකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමෙන් අඩුකර ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ සෑම වසරකම ජූලි 18 වන දිනට යෙදී ඇති ජාතික සමථ දිනය සැමරීමේ උත්සවය අමතමිනි.කොළඹ 7 පදනම් ආයතනයේදී මෙම උත්සවය පැවැත්විණි.
1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත යටතේ 1990 වසරේ ජූලි මස 18 දින සිට සමථ මූල මණ්ඩලය පිහිටු වීමෙන් අනතුරුව වසර 35ක් ඇතුලත ස්වේච්ඡාවෙන් හා කැපවීමෙන් ජාතික මෙහෙවරක් ඉටු කරනු ලබන සමථ මූල මණ්ඩල සභාපතිවරුන් ඇතුළු සියළුම සමථකාරකයන්ට ප්‍රණාමය පුද කිරීම සඳහා ජාතික සමථ දින සැමරීම සිදු කරයි.
2025 ඔක්තෝබර් මස 08
1890
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1516
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සමථකරණයට බිලියනයක් වෙන් කරයි
Liyanage Tuesday, 16 September 2025 07:22 PM
මමත් රජයේ සේවයේ මාණ්ඩලික මට්ටමේ නිළධාරියෙක් හැටියට සේවයකර විශ්‍රාම ලැබූ අයෙක්. කීප දෙනෙකුගේ ඉල්ලීම මත මමත් එක්වරක් අයදුම්පතක් ඉදිරිපත් කලා සම්මුඛ පරීක්ෂණ සදහා අධ්‍යාපන සහතික රැගෙන එන්න කිව්වා රාජ්‍යසේවයේ විනය පරීක්ෂණත් කර තිබූ මට අධ්‍යාපන සහතික ස සොයන්න අපහසු නිසා ගියේ නැහැ සාමාන්‍යයෙන් රාජ්‍යසේවයේ අවුරුදු තිහකට වඩා සේවය කල නිළධාරියෙකුට අවසන් වශයෙන් සේවයකල ආයතනයේ ගතහැකි සේවා සහතිකයක් මත බදවා ගැනීමට ක්‍රමයක් ක්‍රියාත්මක කරනවානම් හොදයි