(ඉන්දිකා රාමනායක)
සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් රූපවාහිනී ආයතනයක නිවේදිකාවක ඇතුලු තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාය මගින් අද (19) අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි.
මොවුන් දික්වැල්ල, ගංගොඩවිල, නාරාහේන්පිට යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් නිවේදිකාව නාරාහේන්පිට පදිංචි (39) හැවිරිදි කාන්තාවක් බවත්, සමාජ මාධ්‍ය මගින් ප්‍රචණ්ඩත්වයට අනුබල ලබා දීම, චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
දිල්වැල්ල ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් සැකකරු වයස (22) හැවිරිදි වාහන අලුත්වැඩියා කිරීමේ රැකියාවේ නිතර තරුණයෙක් බවත්, මොහු ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ නිලධාරීන්ගේ නිවාස ගිනි තබන ලෙසට අන්තර් ජාලය ඔස්සේ සජීවීව ප්‍රචාරය කොට මහජන කැලඹීමක් ඇති කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
නුගේගොඩ ගංගොඩවිල දී අත්අඩංගුවට ගත් සැකකරු (21) හැවිරිදි පුද්ගලික ආයතනයක සේවය කරන තරුණයකු බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචණ්ඩත්වයට ආධාර අනුබල ලබා දීම හා මහජනතාවට තර්ජනය වන ආකාරයේ තොරතුරු පලකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකාරිය හා සැකකරුවන් දෙදෙනාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දයි, ජොනියයි මුකුත්ම කරලා නෑනේ...
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ ආසාවෙන් බලාසිටි විදෙස් සංචාරකයින් 40%ක් කලින්ම වෙන්කර තිබූ ටිකට් වර්තමානයේ රටේ පවතින විරෝධතා සහ පෙළපාළි හේතුවෙන් අවලංගු කරගෙන තියෙනවා. ඒ කියන්නේ 45,000 කට ආසන්න විදේශිකයින් පිරිසක් පෙර වෙන්කර ගැනීම් අවලංගු කරගෙන... සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේදි සංචාරකයින් දිනකට 6,000ක් විතර ලංකාවට එනවා... පෙරහැර කාලෙට..! දැනට ලංකාවේ තියෙන විදුලිය, ඉන්ධන සහ ගෑස් අර්බුද පෝලිම් දැක්ක සංචාරකයින් පැමිණීමට නුසුදුසු රටක් ලංකාව නම් කරලා තියෙන්නේ... සංචාරකයින් ලංකාවට ගෙනෙන ප්‍රසිද්ධ ගුවන් යානා සමාගමක් ලංකාවට ඒම ප්‍රසිද්ධියේම නවතා දැමුවා..! එසේම සංචාරකයින්ගේ ගමන් මලු මහදවල් මංකොල්ල කන ඒවා..., ඊට අමතරව විදේශික තරුණියින්ව ඒ හිටි හෝටල් වලදීම මත්කර බලහත්කාරකම් කරපුවා මාධ්‍යවලින් බලලා යෑමට භයානකම රටක් බව වටහා ගත්තා..! සංචාරකයින් රටකට එන්නේ සිහින මවාගෙන... ඒත් අද රටේ තත්වය මෙසේ උදාකලේ ඉදිරි දැක්මක් නැති තරුණ පරපුර කියලයි විදෙස් පත්තරවල පලවී තිබුණේ..!