
(අංජුල මහික වීරරත්න)
ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීමේ වැඩසටහනක් රජය ආරම්භ කර තිබේ.
ඉදිකිරීම් කර්මාන්තයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් පැවතියද එම රැකියා සඳහා තරුණ තරුණියන්ගේ ආකර්ෂණය අඩුවීම පිළිබඳව අවධානය යොමු කරමින්, තරුණ තරුණියන්ට ගෞරවනීය, සුරක්ෂිත හා ස්ථිර ආදායමක් සහිත රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින් “ඉදිකිරීම් සහකාරවරුන්” ලෙස පුහුණු කිරීමේ මෙම වැඩසටහනක් ආරම්භ කර ඇත.
ඉදිකිරීම් ක්ෂේත්රයේ ඇතැම් රැකියා සඳහා “කම්කරුවන්”, “අත්වැඩකරුවන්” සහ “අත් උදව්කරුවන්” වැනි තනතුරු නාම භාවිත වීම, එම රැකියා සම්බන්ධයෙන් සමාජය තුළ ප්‍රමාණවත් ගෞරවයක් හා අභිමානයක් ගොඩනැගී නොතිබීම මෙන්ම, විධිමත් සේවා කොන්දේසි, EPF සහ ETF වැනි සමාජ ආරක්ෂණ ප්රතිලාභ නොමැති අවිධිමත් රැකියා ලෙස පැවතීම ද තරුණ පරපුර මෙම ක්ෂේත්රයෙන් ඈත්වීමට බලපාන කරුණු ලෙස හඳුනාගෙන ඇත.
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිංහ රෙජිමේන්තුව, ජාතික ඉදිකිරීම් සංගමය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් හඳුනාගත් මහවැලි සී කලාපයේ තරුණයින් 40 දෙනකුගෙන් සමන්විත පළමු කණ්ඩායම සඳහා පුහුණුව අද (14) අඹේපුස්ස සිංහ රෙජිමේන්තු බලකා මූලස්ථානයේදී ආරම්භ කෙරිණි.
මෙම අවස්ථාව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කුමුදුලාල් බෝගහවත්ත, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජනක පල්ලෙකුඹුර, මහවැලි අධ්යක්ෂ ජනරාල් ජයන්ත හේරත් මහත්වරු සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd