
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ 2020 තරගාවලියේදී ජයග්‍රහිකා පුෂ්පිකා ද සිල්වා ට පැලැන්දූ කිරුළ ගලවා අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලද හිටපු විවාහක රූ රැජිනක්වූ කැරලයින් ජූරි හා මෝස්තර ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් (මියගිය ) විත්තිකාරියන් අදාල චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද තීන්දු කළේය.
දීර්ඝ නඩු විභාගයකින් පසුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ පැමිණිල්ලේ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අසමත් වී ඇති බවය.
ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ (2020)තේරීම සඳහා 2021 වසරේ නෙළුම් පොකුණ රඟහලේ පැවැති උත්සවයේදී පුෂ්පිකා සඳමාලි සිල්වා හට පැලැන්දු කිරුළ ගලවා කාන්තාවකට තුවාල සිදු කිරීම , නින්දාකර සාපරාදී බිය ගැන්වීම යන චෝදනා යටතේ කුරුඳුවත්ත පොලිසිය මගින් මෙම පැමිණිල්ල ගොනුකොට තිබිණි.
පැමිණිල්ලේ විත්තිකරුවන් ලෙස හිටපු විවාහක රූ රැජිනක්වූ කැරලයින් ජූරි හා මෝස්තර ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් (මියගිය ) නම් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd