(නිමල කොඩිතුවක්කු)
රටේ ප්‍රශ්න වසන් කිරීමට විපක්ෂයේ බෙදීමක් ඇතැයි පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කළත් සමගි ජන බලවේගය සමගියෙන් ඉදිරියට යන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
පොහොට්ටුව ඇතැම් මාධ්‍ය උපයෝගී කරගෙන ඔවුන්ගේ සහ රටේ අර්බුද වසන් කිරීමට උත්සාහ ගත්තත් විපක්ෂයේ කිසිදු බෙදීමක් නොමැති බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
ආණ්ඩුව දුර්වල වී විපක්ෂය ශක්තිමත් වනවාට බියෙන් හැට නම ලක්ෂය රැක ගැනීම සඳහා අද විපක්ෂයට නොයෙකුත් චෝදනා එල්ල කරමින් සිටින බවද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයට විශාල ග්‍රාමීය පිළිගැනීමක් තිබෙන බවත් බොරු අවලාද මගින් එම පිළිගැනීම නතර කිරීමට කිසිවකුටත් හැකියාවක් නොමැති බවත් කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් පැරණි කියමනක් තිබෙනවානේ හරකුන් රැලට තණකොළ කන්න නැති වෙනකොට විසිරිලා ගිහින් තියෙන තැනකින් තණකොළ උලා කනව කියල.
මේ අනික් විහිලු සපයන්නා. ඕක බෙදිලද, නැද්ද කියන එක තමයි රට්ටුන්ගේ ලොකුම ප්‍රශ්නේ...!!!
ඒක අපිට තේරෙනවා .
මාව දමා යන්න ගියා
නැ නැ කිසිම බෙදීමක් නැහැ.