
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සාමකාමී ලෝකයක් වෙනුවෙන් එකතු වන්නැයි යුද්ධයට මැදිහත් වී සිටින සියලු පාර්ශවවලට තමා ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
ඕනෑම යුද ගැටුමක් කිසිදු ජන කොට්ඨාසයකට හිතකර තත්වයක් ඇති කරන්නේ නෑ. සාමකාමී ලෝකයක් වෙනුවෙන් එකතුවන ලෙස මේ යුද්ධයට සම්බන්ධ වී සිටින සියලූම පාර්ශ්ව වලින් ඉල්ලීමක් කරනවා. මේ යුද්ධය සෑම ජනතාවටම අහිතකර තත්ත්වයක් මතු කරනවා.
ලංකාවට විතරක් එතනින් ගැලවෙන්න හැකියාවක් නැහැ. මේ යුද්ධය නිසා අපිට ප්‍රධාන වශයෙන් බලපාන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් තියෙනවා. තෙල් ගෑස් වලට කෙලින්ම බලපානවා. මැද පෙරදිග රටවල ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඔවුනට ලොකු ගැටලු මතුවෙනවා. ප්‍රේෂණ වලටත් ලොකු බලපෑමක් ඇතිවෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න ඇමරිකා ජනාධිපති ඉරානෙට ගහන එක නවත්වන්න හදනවලු අපේ සාමකුමාරගේ ඉල්ලීමට