( තිළිණි ද සිල්වා)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ දී කුමන යෝජනා සම්මත කරගත්ත ද , ශ්‍රී ලංකාව අනුගමනය කරන දේශීය යාන්ත්‍රණය රටේ ජනතාව වෙනුවෙන් අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
රටේ ස්වෛරීත්වය, පැවැත්ම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මානව හිමිකම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පත්කර තිබෙන කොමිසමේ කටයුතු අඛණ්ඩවම ගෙන යන බවද විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කීය.
විදේශ ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය දැනුම් දීමට අද (23) පස්වරුවේ විදේශ අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
එක්සත් ජාතීන්ගේ මූලික සිද්ධාන්ත ප්‍රතික්ෂේප කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි රාජ්‍යය, මොන්ටිනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව විසින් ඉදිරිපත් කළ යෝජනාව ජගත් මානව හිමිකම් කොමිසමේ ඡන්ද විමසීමේ දී බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වූ බව විදේශ අමාත්‍යවරයා කියා සිටියේය.
එසේ වුවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව අන්තර්ජාතික සංවිධාන සහ ලෝකයේ සෑම රටක් සමඟම සහයෝඟයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයාගේ බාප්පාට කියන්නේ බොරලුගොඩ සිංහයා කියලාලු. හැබැයි මෙයාගේ වැඩ අනුව මෙයා නම් බොරළුගොඩ පිම්පියා ගානට වැටිලා. මානව හිමිකම් ඡන්දෙන් පැරදිලා දැන් නැට්ට කකුල්දෙක අස්සේ ගහගෙන...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයක් වසර 5 කටවත් මේ රටේ ස්ථාපනය කළයුතුයි. මානව හිමිකම් උල්ලංගනය කිරීම් වන අවස්ථාවලදී ඒවා ජිනීවා වලට කෙළින්ම දැනුම්දීමට ඔවුන්ට බලය හිමිවිය යුතුයි. ඒ හැර මේ රටේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවැත්විය නොහැක. මේ මිනීමරුවන්ගෙන් අපේ රටත්, ජනතාවත් බේරාගත යුතුයි...
ලෝකයේ රටවල් එක්ක සහයෝගයෙන් ඉන්න ඉස්සරවෙලා රටේ මිනිස්සු ගැන බලන්න. දේශපාලකයින් රට කාලා ඉවරයි.
ඇත්තෙන්ම කියනවා නම්, මොවුන් සෑම රටක් සමගම සහයෝගයෙන් කටයුතු කරනවා යන්නේ තේරුම වන්නේ, ඒ රටවලින් කිසියම් ණයක් හෝ වෙනයම් අනිසි ලාභ ප්‍රයෝජනයක් මත මිස, වෙනත් යහපත් චේතනාවක් නොවේ. පුහු වර්ණනා කරමින් විදේශ රටවල් ඇන්දුවාට, මොලේ කළඳක් හෝ තියන රටේ ජනතාව අන්දන්න මේ කම්බ හොරුන්ට බැහැ.. ලෝක ප්‍රජාව මේ හොර තක්කඩින්ගෙන් ප්‍රවේශම් විය යුතුයි. ලෝකයා ඉදිරියේ හතර ගාතෙන් ආවාට, ඒ තමන්ට අතදෙන ජාතීන්වත් විනාශ කරලා තමයි මේ අමනයින් පස්ස බලන්නේ. ඇත්තම කියනවා නම්, ඒ තරමටම මිලේච්ජයින්... "ලඟින් ගියොත් ඇහැක් නැහැ"...
වෙන මොනවා කරන්නද? නේද?
බොරළුගොඩ සිංහයා දැන් බොරලුගොඩ පූසා වෙලා රිවර්ස් ගියර් එකෙන් වගෙයි යන්නේ..!!!
දැන්ද ඔබට හැම රටක් සමගම සහයෝගයෙන් ඉන්න ඕනෑ කියලා හිතුනේ..? හැබැයි කෝච්චිය ගිහිල්ලා ඉවරයි. දැන් ටික දවසකට කලින් සරමත් උස්සගෙන ලෝකෙට චැලේන්ජ් කරද්දී ඔබට හිතුනේ නැහැ නේද ඔබට නැට්ට, කකුල්දෙක අතරේ ගහගන්න වෙන බව... රටේ මිනිසුන්ට කරදරයක් නොකර මේ රටේ සියලුම හොර මිනීමරු දේශපාලුවන්ව ඔවුන්ගේ පවුල් පිටින්ම අල්ලාගෙන ගොස් විදුලි පුටුවේ නොව වතුරේ ගිල්වලා හරි මෙහෙන් චුතකරන්න රටක් යෝජනා කළොත්..? එදාට අපේ රටට වාසනාවන්ත යුගයක් උදාවේවි.
ඔක්කෝටම කලින් රටේ සියළු පුරවැසියන් එක සේ සමාන ලෙස සලකන ප්‍රතිපත්ති අනුගමනය කරන්න. එදා ජපන් රටේ අයිතීන් වෙනුවෙන් කථා කළ ශ්‍රී ලංකාව අද ලෝකයා ඉදිරියේ දණගස්වා ඇත.
යුද්ධය අවසානයේ පහස විඳින සමහර පක්ෂවලට ගැති අය විවිධ හේතු පෙන්වලා මේ පරාජය ගැන සතුටු වෙන්න පුළුවනි. තමන්ගේ පුද්ගලික පරමාර්ථ වෙනුවෙන් යෝජනාවේ ඇති කරුණ සාධාරණයි කීම වෙනුවට මේ ප්‍රශ්නෙන් රටක් විදියට, යුද්ධයට නායකත්වය දුන්නු පිරිස්, පාස්කු ප්‍රහාරය හරහා රටේ එළියට ආපු ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව හැම පක්ෂයක්ම එකතු වුණොත් ඉස්සරහට රට දියුණු වෙයි. තාවකාලිකව තමන්ගේ බලය පිණිස, මූල්‍යමය වාසි පිණිස, මේ යෝජනා සාධාරණීකරණය කිරීම නිසා ඉදිරියේදී තමන්ටත්, තමන්ගේ දරුවන්ටත්, සමස්තයක් ලෙස රටේ දරුවන්ටත්, රටටත් වන බලපෑම ගැන සිතා හෝ කටයුතු කිරීම දේශපාලන පක්ෂවල වගකීමක්...
රටේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වය ලෝකයා ඉදිරියේ පාවා නොදී රටේ සියළුම ජනතාවට රටේ ඕනෑම ප්‍රදේශයක නිදහස් සාමකාමී පරිසරයක ජීවත්වීමේ අයිතිය ලබා දුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු පොදුජන එක්සත් පෙරමුණු රජයට අප රටට එදිරිවාදිකම් කරන දේශීය හා විදේශීය ද්‍රෝහි ජනතාව සහ රජය අපකීර්තියට පත් කිරීමට කැසකවන විරුද්ධවාදීන් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සත්‍යයෙන් තොර අප රට පිළිබඳ වැරදි තොරතුරු ලබා දීම තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම් ඡන්ද විමසීමේදී අපට විරුද්ධව රටවල් 25ක් ඡන්දය ලබා දී ඇත.
පොහොට්ටුවේ බයියන්ට දැන් තේරෙනවද අපේ රනිල් සර්ගෙයි, මංගල සර්ගෙයි වටිනාකම... ඒ උත්තමයෝ දෙන්නා හිටියා නම් අපිව බේරගන්නවා.
අපි පාසලේදීත් යහළුවන් බේරාගන්න නිර්භයව කතා කරලා වේවැල්පාර කාලා තිබෙනවා. එහෙව් අපි රටේ නායකයින් රට පාවා නොදී කතාකිරීම අගය කොට සලකනවා. රට පාවා දුන් අය නිවටයින් සේ සලකනවා..