(මහින්ද නිශ්ශංක)
ඝෝෂාකාරී සංගීතයෙන් මිදී සුභාවිත ගීත හෙට (15) සිට ප්රචාරය නොකරන මගී ප්රවාහන බස්රථ පරීක්ෂාවට ලක් කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරි දින කිහිපයේදී ක්රියාත්මක කරන බව ජාතික ගමනා ගමන කොමිසම පැවසීය.
මගී බස්රථ සඳහා සුභාවිත ගීත රැසක් ඉකුත් දෙසැම්බර් 31 වැනිදා හඳුන්වා දුන් අතර ඝෝෂාකාරී සංගීතය ප්රචාරය කරන මගී බස්රථ පිළිබඳව 1955 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ජාතික ගමනා ගමන කොමිසම මගීන්ගෙන් ඉල්ලා සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ බස්කාරයින්ගේ බයිලාවලින් කන්අඩි පලා ගන්නේ නැතුව ආණ්ඩුවේ බයිලාවලින් කන්අඩි පලා ගන්න කියන එකද? අපි බස් එකේ අපේ පාඩුවේ ගියොත් හාල්, එළවලු මිල මතක් වෙයි කියලා බයද?
මිනිස්සු බස් එකකට නගින්නේ සංගීතය රස විඳින්න නෙමෙයි. රස වින්දනය කියන එක එක්එක් අයගේ පුද්ගලික කරුණක් නිසා කුමන ආකාරයේ හෝ ගීත බලෙන් ඇස්සවීමට කටයුතු නොකර සිටීම වැදගත් යයි සිතමි. කළයුතු වන්නේ දැනට ඇති සියළුම ඝෝෂාකාරී සංගීත වාදනයන්ද බස් රථවල බලහත්කාරයෙන් ඇස්සවීම නවත්වා දැමීමට කටයුතු කිරීමයි. අනාරක්ෂිත ධාවනයන් හා මගීන් එදිනෙදා මුහුණපාන අනෙකුත් දුෂ්කරතාවයන්ට පිළිතුරු ලබාදීමට ප්රමුඛත්වය දිය යුතුයි.
මොන ගීතය දැම්මත් අධික ශබ්දය සහිතව භාවිතා කරන්නේ නම් මඟීන්ට හිරිහැරයක් වේ. ඇතැම් රියදුරු /කොන්දොස්තරවරු අධික ශබ්දයට ඇබ්බැහි වී ඇති ආකාරයක් දැකිය හැකිය. ඒ පිළිබඳවද අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය...
බස් එකේ ඉතිරි සල්ලි දෙන්න කියලා නීතියක් තියෙද්දී, ඒක දෙනවද, නැද්ද, කියලා බලන්නේ නැති අය සුභාවිත ගීත ගැන බලාවිද? අපි නොදන්න බයිලා...
දියුණු රටවල නම් කිසිම සංගීතයක් වාදනය වෙන්නේ නැහැ. මිනිසුන්ට තමන්ගේ පාඩුවේ යන්න පුළුවන්.. ඕනෑනම් කන් බණු ගන්න පුළුවන්නේ.. පන්සල්, පල්ලි වලටත් ශබ්දයක් විකාශනය තහනම් කළ යුතුයි.
අධික ශබ්දයෙන් අසල්වැසියන්ට හිරිහැරවෙන විදිහට ලවුඩ්ස්පීකර් දාන්න බෑ කියලා මේ රටේ නීති තියෙද්දීත්, එව්වා තඹ සතයකට මායිම් නොකර කන් පැලෙන්න ලවුඩ්ස්පීකර් දමන අයට නීතිය ක්රියාත්මක වෙන්නේ කවදාද? පොලීසිය ආගමික නායකයින්ට බයනිසාද ඒ නීති ක්රියාත්මක නොකරන්නේ?
ඉතා උසස් තීරණයක්...!!!
හොදයි අපි සුභාවිත් ගීත අහන්න ෆ්ම් නාලිකා දාමු
ඔබට මේ කළ කටයුත්ත වෙනුවෙන් අනේක වාරයක් ස්තුතියි. නොදැමුණු බස් කොන්දොස්තරගේ සහ රියදුරුගේ අත්අඩංගුවෙන් අප සියල්ල මුදවා ගැනීම සම්බන්ධයෙන්...