(යොහාන් භාසුර)

සබරගමුව පළාත තුළ ලියාපදිංචි වාහනවල පසුගිය අගෝස්තු මස 16 වැනිදා සිට මේ මස 29 වැනිදා දක්වා කල්ඉකුත් වූ ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අය නොකරන බව සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය නිවේදනය කරන්නීය.

සබරගමුව පළාත් ප්‍රධාන කාර්යාලය සහ එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇති බවත් වැඩි දුරටත් ඇය පවසන්නීය.