
(නිමන්ති රණසිංහ)
සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු නිලධාරීන් දෙදෙනෙක් තරුණයකු වටකරගෙන ඇතිවන යම් නොසන්සුන් තත්ත්වයක් සහිත වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරුවෙමින් තිබේ.
රත්නපුර කිරිඇල්ල මාර්ගයේ ගොරකඇල ප්‍රදේශයේදී ඊයේ (25) සවස තුනට පමණ සිදුවී ඇති මෙම සිදුවීම සහිත වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් ඇත.
පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සබරගමුව ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ අපකීර්ති දායක හැසිරීමක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ය .
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නිලධාරීන් කිහිප දෙනෙක් සමග කිරිඇල්ල දෙසට ගමන්කරමින් සිටියදී ඔවුන් ගමන්ගත් මෝටර් රථයට පසුපසින් පැමිණි තවත් මෝටර් රථයක් ඉස්සර කිරීමට යාමේදී ඇතිවූ තත්ත්වයක් මත මෙය සිදු වූ බවට වාර්තා වේ.
අපරික්ෂාකාරීව රිය ධාවනය කිරීමක් කල බවට චෝදනා කරමින් නිල ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් තිදෙනෙක් අනෙක් මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ තරුණයා බෙල්ලෙන් අල්ලාගෙන පොලිස් ජීප් රථය දෙසට රැගෙන එන අයුරු වීඩියෝවෙන් දැක්වේ.
පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා එම තරුණයාගෙ හිසට පහර දෙන අයුරු ද එම වීඩියෝවේ දැක්වේ. ඒ අවස්ථාවේදී තරුණයා ප්‍රකාශ කර සිටින්නේ පොලිස් නිලධාරීන් බීමතින් සිටින බවකි.
තරුණයා විසින් බීමතින් සිටින බවට චෝදනා කරනු ලැබීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහු පැමිණි රථයට ගොඩ වන අයුරු ද එහි දිස් වෙයි.
පසුව විටින් විට පොලිස් රථයේ සවි කර තිබු (සයිරන් නලාව) අණතුරු ඇගයීමේ සංඥාව නාද කරන අයුරු ද වීඩියෝවේ පැහැදිලව සදහන්වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරයෙක් උනාට හැසිරිලා තියෙන්නේ සාජන් කෙනෙක් වගේ .මෙයාගේ මොනවා හරි අඩුවක් තියනවා .මෙයා හිතාගෙන ඉන්නේ පාර මෙයාගේ කියලා
පොලිසිය කරන ඔවැනි වැඩ ගැන මෙහෙම කියන්න බැහැ .පොතක්ම ලියන්න වෙනවා
පොලිස් කාරයන්ගේ තියෙන පුහු මානයද මේ. දේශපාලකයෝ වගේමයි.
රටේ මිනිස්සුන්ට හමුදා, පොලිස් පුහුණුව දෙන්න ඕනෙලු විනය හදන්න..!
ලංකාවේ පොලිසිය හන්දා බෑ. එයාලා හිතාගෙන ඉන්නේ එයාලට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියලා. නුගේගොඩ දී එක්කෙනෙක් රෙස්ලින් සෙල්ලම් කරා මහා පාරේ
මෙයාලගේ ලොකු කම් අහිංසකයන්ටම තමයි .බලවත්තු ඉදිරියේ දෙකට තුනට නැමෙනවා .නීතිය නවනවා .මෙයාලගේ වැඩ නිසා ලෝකයා ඉදිරියේ අපකීර්තියට පත් වෙන්නේ ආණ්ඩුවයි
මොනවද ඔට්ටු?ඔය කිසිම නිලධාරියෙකුට දඬුවමක් ලැබෙන්න නැහැ .ඔය වගේ සිද්ධි කොපමණ මේ රටේ වෙලා ඇතිද ?අති ගරු ජනාධිපතු තුමන්ගෙන් ඉල්ලන්නේ තරාතිරම නොබලා ඕනෑම නිලධාරියෙකුට වරදක් කලොත් පය 24 න් දඬුවමක් දෙන ක්‍රමයක් හදන්න කියලා
මේ සිද්ධියට දැන් පොලිසියට බනින්න ඕන තරම් එවුන් ඇති .ඒ උනාට එරාවූර් වල කොල්ලොන්ට ගහනකොට ඔක්කොම පොලසිය පට්ටට කතා කරේ .වල් කන්ට්‍රි වල ලොව් .ජාතිවාදය හෝ රාජධානිය
ඇයි මෙයාලට නම් ගම් නැද්ද ?ඒවත් දාන්න .රටම දැනගන්න ඕනි කව්ද කියලා
මේ පොලිස් මෑන් මීට කලිනුත් මිනිසුන්ට ගහලා ප්‍රශ්න ඇති කරගත් බව මතකයි. මොහුගේ පියාත් හිටපු පොලොස්පති කෙනෙක් නිසා ඒ උනත් ඇති.
වීඩියෝවත් දැම්මා නං මල් මසුරං..
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයින්ද නිතියට යටත් වියයුතුයි. සාමාන්‍ය මිනිසුන්ට වඩා නිතගරුක වියයුතුයි.
ඉහළ තනතුරක සිටියද පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් කිරීමකි. දරණ තනතුර දරාගත නොහැකි තත්ත්වයක්ද ? ඉහළ තනතුරක පොලිස් නිලධාරියෙකු මහමග ගමන් කිරීමේදී අනෙකුත් රථවාහන පසුපසින් ගමන් කළ යුතු යැයි නිලධාරීයා සිතනවාද ?
තනතුරට නින්දාවක්.
දැන් තර්ජනයක් ඇති මේක නවත්වන්න කියලා