(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වි තිබෙන ගැටුම හේතුවෙන් විශ්ව විද්‍යාලය හදිසියේ වසා දැමීමත් සමග සිසුන් පිරිසක් උපකුලපතිවරයාගේ කාර්යාලය වට කර ඇතැයි වාර්තා වේ.
2020 සහ 2021 කණ්ඩායමෙිි සිසු සිසුවියන් හැර අනිකුත් සියළුම පිිඨවල සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාලය නැවත දැනුම් දෙන තුරු විශ්ව විද්‍යාල වසා දමන බව සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා අද (16) දා සවස නිවෙිදනය කළේය.
සිසුන් දෙපිරිසක් අතර ඇති වි තිබෙන ගැටමක් හේතුවෙන් නවක සිසුන් 09 දෙනකු රෝහල් ගත කිරිම හේතුවෙන් ඇති වි තිබෙන තත්ත්වය සමිබදයෙන් පරික්ෂණ සිදුකෙරෙන බැවින් එම පියවර ගත් බව උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා කිය.
2020/2021කණ්ඩායමෙිි සිසු සිසුවියන් හැර සියළුම පිිඨවල සිසු සිසුවියන් සවස 4.00 වන විට නේවාසිගාර වලින් ඉවත්විය යුතු බවද ඒම නිවෙිදනයෙන් දැනුම් දි තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවක වදකයින්ට කිසිම සමාවක් නොදී සරසවියෙන් නෙරපා දැමිය යුතුයි.
මේ අය ගෙවල්වල ඉන්නකන් දෙමව්පියන්ටත් වදයක් ඇති...
ශ්‍රී ලංකාවේ තරුණ පරපුර වෙනුවෙන් වර්තමානයේ කළහැකි ලොකුම මෙහෙය නම් සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාල වසා දැමීමයි. එසේත් නැත්නම් ඒවායේ ක්‍රියාත්මක පෙරටු සහ ජවිපෙට අනුබද්ධ ත්‍රස්තවාදී සිසු සංවිධාන තහනම් කිරීමයි. කෙසේවුවත්, මහින්දලා, ගෝඨලා සමග මෙන් රනිල් සමග නාඩගම් නැටීමට නොහැකි බව ත්‍රස්තවාදීන් ඉක්මණින්ම තේරුම් ගනු ඇත...
මේවට.... දැන් යන්නේ මොලේ නැති අය වගෙයි පෙනෙන්නේ...!
මොවුන් විශ්ව විද්‍යාලයට තෝරාගත් ක්‍රමය පවා වැරැදි ඇති...