(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුවේ පීඩාකාරි වැඩපිළිවෙලට එරෙහිව මතුවෙන ජනතා නැගිටීම්වලට දේශපාලඥයින් සම්බන්ධ නොවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

විදුලිය පැය 13 ක් කප්පාදු කිරීම, ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් හේතුවෙන් ජනතාව මේ වන විට දැඩි අසරණ තත්වයකට පත්ව ඇති බැවින් ජනතාවගෙන් නැගෙන මෙම විරෝධය දේශපාලන මැතිහත්වීමෙන් තොරව ප්‍රකාශ කිරීමට ඔවුනට ඉඩ දිය යුතුව ඇතැයි ද විජයවර්ධන මහතා  කියා සිටියේය.

සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වෙමින් ලබන 03 දා පාරට බැසීමට තරුණ පිරිස් මුලිකත්වය ගෙන ආරම්භ කර ඇති විරෝධතාවයට දේශපාලඥයන්ගේ මැදිහත්වීම පිළිබඳව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මේ අදහස් පළ කළේය.