IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සාපෙළ කාලයේ රාත්‍රී විදුලි කප්පාදුව නෑ

(යොහාන් භාසුර)

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පහසුකම් සැළසීම සඳහා ලබන ඉරිදා (22 වැනිදා) සිට ජූනි මස 1 වැනිදා දක්වා දිනවල පස්වරු 6.30 න් පසුව විදුලි කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

විදුලි කප්පාදුව මේ මස 22 සහ 29 යන ඉදිරිදා දිනවල සම්පූර්ණයෙන්ම  නොකරන බවත් එම දිනයන්හිදී විභාගය නොපැවත්වෙන මධ්‍යහන 12.00 සිට පස්වරු 6.30 දක්වා කාලය තුළදී කාර්මික කලාප සහ කොළඹ වාණිජ නගර කලාපය හැර සෙසු කලාපවලට පැයයි විනාඩි 45 සිට පැය 2 යි විනාඩි 15 දක්වා විදුලි කප්පාදු කරන බවත් රත්නායක මහතා කීය.

කාර්මික කලාපවලට පෙරවරු 5.00 සිට පෙරවරු 8.00 දක්වා ද, කොළඹ වාණිජ නගර කලාපයට පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා දිනපතා පැය 3 ක් විදුලි කප්පාදු කරන බව ද රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (0)

සාපෙළ කාලයේ රාත්‍රී විදුලි කප්පාදුව නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 212 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 405 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site