(යොහාන් භාසුර)
මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විට මුළු ජනගහණයෙන් සියයට 40ක ප්‍රමාණයකට එන්නත් ලබා දී අවසන් කළ හැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ, සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මේ වන විට ලංකාවේ එන්නත් 3 ක් ලියාපදිංචි කර අවසන් බව ද පැවසු වෛද්‍යවරයා, “සිනෝෆාම්“එන්නත ලංකාවට ආනයනය කිරීම සඳහා පමණක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබන මැයි මාසයේ දී අනුමැතිය ලබාදෙන්නේ නම් ඒ අනුව ඉදිරියේ දී කටයුතු කරන බවත් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙසේ ද පැවසීය.
“‘ස්පුට්නික වී’ එන්නත අප්‍රේල් මාසයේදී ලක්ෂ 2 ක්, මැයි මාසයේදී ලක්ෂ 4ක්, ජූනි මාසයේදී ලක්ෂ 8 ක් සහ ජූලි මාසයේදී මිලියන 1.2 ක් ලැබීමට නියමිතයි. ඒ වගේම ‘ෆයිසර්’ එන්නත අප්‍රේල් සිට ජූනි දක්වා මාත්‍රා 35,000 ක්, ජූලි සිට අගෝස්තු දක්වා මාත්‍රා 105,000 ක් සහ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා මාත්‍රා මිලියන 4.8 ක් ලැබීමට නියමිතයි”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විහිළු කතාද මේ? එන්නත එන විදිහට සැලසුම් හදන්නේ නැතිව සැලසුමේ විදිහට එන්නත් ගන්න රටවල් එක්ක කතාකරලා... ඔය කාලෙ වෙනකොට අපේ රටේ 40%ක් විතර මැරිලා තියේවි නැතිනම්...
ඒ කියන්නේ සියළුම දෙනාට එන්නත දෙන්න මේ අවුරුද්ද තුළ බැරිවෙනවා කියන එකද..?
ඔවා ඇහෙනකොට හිතට දැනෙන්නේ හරියට ලංකාවේ තියෙන වාර්ෂික අය වැය ලේඛනය වගේ, බොරැවට ඉලක්කං ගොඩක් පෙන්නලා මිනිස්සු රවටිටනවා, ඔයාලා 225 එන්නත් ගහගත්තානි, දැන් ඉතින් හොදටොම ප්‍රමාණවත් ඔන්න පාලකයෝ ආසියාවේ ආලෝකය