(අජන්ත කුමාර අගලකඩ)
ලබන සැප්තැම්බර් දක්වා අවශ්‍ය සහල් තොග රට තුළ තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පෙරේදා (06)ප්‍රකාශ කර ඇත.
සහල් හිඟයක් ඇතිවුවහොත් ඇති වන්නේ ලබන සැප්තැම්බර් මාසයෙන් පසුව බව ද ඔහු සඳහන් කර ඇත.
යලකන්නයේ වගා කටයුතු ද ආරම්භ වී ඇතැයි කී අමරවීර මහතා ඉන් ලැබෙන අස්වැන්න ද ප්‍රමාණවත් නොවුනොත් සහල් ආනයනය කිරීමට සිදුවන බව සඳහන් කර ඇත.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ රාත්‍රියේ රැස්වූ අතර, අගමැති රනිල් වික්‍රමසිංහ ,හිටපු අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු පිරිසක් ඊට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහල් තොග තිබුනට වෙළඳපොලට එන්නේ නෑනේ, මිලත් ඉහල යනව ඒකනේ ප්‍රස්නේ?
කලට වෙලාවට ජනතාවට පොහොර දුන්නානම් මේ වගේ වියසනයක් ඇතිවෙන්නේ නැහැ. හාල් වල ගාන අහස උසට. දූෂිත ආණ්ඩුවේ ගොන්කම් හින්දා දුක් වින්දින්නේ ජනතාව .