(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය නිලාවේලි සංචාරක කලාපයට අයත් ඇලස්වත්ත ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි ස්පාඤ්ඤ ජාතික තරුණියකට ලිංගික අතවර කළ එම හෝටලයේ හිමිකරු අද (22) අත්අඩංගුවට ගත් බව උප්පුවේලි පොලිසිය කියයි.
වයස අවුරුදු 20 ක් වන තරුණිය හෝටලයේ තනිවම ලැගුම් ගෙන සිටියදී හෝටලයේ හිමිකරු රාත්‍රියේ පැමිණ අතවර කළැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ස්පාඤ්ඤ ජාතික තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
උප්පුවේලි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පුවත් විස්තරයේ සදහන් කරුණු සත්‍ය නම් මේ අය සියලු විස්තර නම්ගම් සහිතව මෙන්ම ඡයාරූපද ප්‍රසිද්ධ මාධ්‍යයවල පළකිරීම සිදුකරන මෙන් අදාළ ආයතනවලින් අප ඉල්ලා සිටින්නෙමු.
වැරදිකරු කෙසේවෙතත් හිංසනයට ලක්වුණු තරුණියව නම් රූපවාහිනියේ අනිවාර්යයෙන් පෙන්වයි.