
(අංජුල මහික වීරරත්න)
සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීම, ප්‍රතිසංස්කරණය සහ නව්‍යකරණ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමෙන් ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීමේ අරමුණින් පැවති මෙම සාකච්ඡාවේදී ඩිජිටල්කරණය, නව ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. ඩිජිටල්කරණ කාර්යක්ෂමතාව වර්ධනය, මානව සම්පත් සංවර්ධනය සහ නිලධාරීන්ගේ සුබ සාධන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු විය.
මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා වෘත්තිය සමිතිවල සහයෝගය ලබාදීමේ වැදගත්කම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න මහතා, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු, වෘත්තීය සමිති නියෝජිතයෝ සහ රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නියෝජිතයෝ මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාර් වහන එකත් නව්‍යකරණය කරනු. වික්ටෝරියානු විශ්වාසවලින් දැන්වත් අයින්වෙලා කැමති කෙනෙක් ඉන්නවා නම් ඕන දවසක කන්න බොන්න නිදහස තියෙන්න ඕනෑ.