
(අංජුල මහික වීරරත්න)
රුපියල් මිලියන 835 ක වියදමින් ඉදිකරන ලද කෑගල්ල නව ඩිපෝ සංකීර්ණය අද විවෘත කෙරිණි.
මෙම ඩිපෝ සංකීර්ණයෙහි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලය (සබරගමුව), ශ්‍රී ලංගම රියදුරු අභ්‍යාස විද්‍යාලය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ කෑගල්ල ශාඛාව, ශ්‍රවණාගාරය, ධාවන අංශය, නවීන පහසුකම් සහිත සේවක විවේකාගරය, ගිණුම් කාර්යාලය ඇතුළු පරිපාලන සංකීර්ණයකින් මෙන්ම වඩාත් ඉඩකඩ සහිත ආපන ශාලාවකින් ද බස් රථ වැඩි සංඛ්‍යාවක් ගාල් කිරීමට හැකි සුවිශාල රථගාලකින් ද සමන්විතය.
එසේම ශ්‍රී ලංගම බස් රථ සඳහා ඉන්ධන සපයනු ලබන ඉන්ධන පිරවුම්හලක් ද මෙම ස්ථානයේ ස්ථාපිත අතර, නවීන පහසුකම් සහ උපකරණ සහිත බස් රථ අලුත්වැඩියා කිරීමේ කාර්මික අංගනයකින් ද සමන්විත වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd