
(නිමන්ති රණසිංහ)
බුදුන්වහන්සේට සහ බෞද්ධ ආගමට නිගාකරමින් “බුදුන්ගේ රස්තියාදුව” නමින් ග්රන්ථයක් ලියා මුද්‍රණය කර බෙදා හැරියැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී සිටී සිංහල ආචාර්යවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල සහ ශ්‍රීනාත් චතුරංග යන මහත්වරුන්ට එක් අයකුට අයෙකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (20) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී පෙනීසිටින ලෙසට ඉකුත් අප්‍රේල් මස 29 වැනිදා නිකුත් කරන ලද නොතිසිකට අනුව මොවුන් දෙදෙනා අද (20) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මෙන්ම මෙම නියෝගය නිකුත් විණි.
සිද්ධියට අදාළව විමර්ශන පවත්වා නීතිපති උපදෙස් ලබාගැනීමෙන් පසු අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන සැප්තැම්බර් මස 9 වැනිදා තෙක් කල් තැබිය.
‘බුදුන්ගේ රස්තියාදුව’ නම් ග්‍රන්ථය රචනා කර මුද්‍රණය කර බෙදා හැරීමේ කටයුතු කළ අයවලුන් මෙම නඩුවේ සැකකරුවන් ලෙසට නම් කරන ලෙසට නිතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් එහෙයින් මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් වීමට නොතීසි නිකුත් කරන ලෙසත් ඉල්ලමින් අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසය ඉකුත් අප්‍රේල් මස 29 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි .
මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය තුළ ඉතා පහත් සහ නිහීන ලෙස බුදුන් වහන්සේට නින්දා හා අපහාස කර ඇති බවත් එම ග්‍රන්ථය මගින් සමස්ත බුදු දහම නිගාවට ලක්කොට ඇති බවත් සදහන් කරමින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉකුත් 2018 අගෝස්තු මස 20 වැනිදා කළ පැමිණීල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට අපේ රටේ තියෙන නීතියෙන් දඬුවමක් නොලැබෙයි. නමුත් කර්මය සාධාරණය ඉටු කරාවි
ජාතියේ පවට උපන් විකුර්ති මිනිස්සු .
බෞද්ධ වෙස් අරගෙන මහා පඬිවරු වගේ රටට පෙන්නන්න හදන මෙවැනි අයට මෙහෙම හරි පාඩමක් උගන්වපු විජේදාස රාජපක්ෂ මහත්මයාට බොහොම පින්..!
බලාගෙන අධිකරණ ඇමතිය පැමිණිලිකරු වෙලාවක
අර කැලණියේ මුළු ජනතාවම නොමග යැවූ එකට කවුරුත් නඩු දැම්මේ නැහැනේ...!
ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාට මගේ ප්‍රණාමය. කොන්ඩේ, රැවුල වැවුවාම හිතේ හරි පොරක් කියලා. වෙනසක් හොයන තරුණ කැලට වෙනසක් නමින් විෂ පෙවීම තුළින් තමා පොරක් වීම...
ලේසියෙන්ම පහර දෙන්න පුළුවන් දේකට තමයි මේ රැඩිකල් කුලී හේවායෝ ගහන්නේ. වෙන ආගමකට ගැහුවොත් ඒ අයට NGO සල්ලි එන්නේ නෑ. අනිවාර්යයෙන් දඬුවම් දෙන්න ඕනෑ.
රට ජාජාතියට සාපයක් වෙච්ච කාළකන්නි මුන්ව උල තැබිය යුතුයි මුන් හිතාගෙන ඉන්නේ ගංජා ගැහැව්වම මුන් ලොකු නුවණක්කාරයෝ කියලා නරුමයෝ
එතකොට අනිත් ආගමවලට නිගා කරපු ඥානසාරට කිසිම දඬුවමක් මේ උසාවි වලින් දුන්නේ නැහැනේ. මේකද එක රටක් එකම නීතියක් සංකල්පය. මේ හින්දා තමයි අපි දැන් විඳවන්නේ. දැන් ඉතින් කන්න නැතිවෙලා බෙහෙත් නැතිවෙලා මැරෙණ කොට තේරෙයි. බුදු දහම කොයි අතේ යනවද කියල. මුලින්ම දූෂිත දේශපාලකයෝ එලවපල්ලා රටයි ජාතියයි ආගමයි ආරක්ෂා කරන්න නම්.
පොත කියෙව්වේ නැහැ..ඉතින් කොහොමදප්රතිචාර දමන්නේ ආයුබෝවන්..!