IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සුනඛයාට පහරදී ඇළට විසි කළ තරුණයා රිමාන්ඩ්

(රංජිත් රාජපක්ෂ)                

නානුඔය එඩිම්බරෝ වත්තේ නිවසක සුරතලයට ඇති කළ සුනඛයෙකුට අමානුෂික ලෙස පහර දී අල්ලා පොළවේ ගසා නානුඔය ඇළට වීසි කල තරුණයා නානුඔය පොලිසිය මගින් ඊයේ (28) සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහේස්ත්‍රාත් ලංකාංගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කල පසු සැකකරු ලබන මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නානුඔය එඩිම්බරෝ වත්තේ පදිංචි මෝහන සුන්දරම් ලක්ෂාන් නැමති 17 හැවිරිදි තරුණයෙකි.

සැකකරු අසල්වාසියෙක් විසින් සුරතලයට ඇති කරන සුනඛයෙකු විසින් සැකකරු සුරතලයට ඇති කරන බළල් පැටවෙකු සපා තුවාල සිදු කිරිමේ සිද්ධිකට උරන වී ඉකුත් (22) වන දින සුනඛයාට අමානුෂික ලෙස පොල්ලකින් පහර දී පොළවේ ගසා කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා නානුඔය ඇළට දමා ඇත.

ඇළට වැටුණු සුනඛයා තුවාල සහිතව ඇළ දිගේ පීනා විත් නිවසට පැමිණ ඇත.

සුනඛයාට පහර දී ඇළට දමන අයුරු සැකකරුගේ මිතුරෙකු විසින් ජංගම දුරකථනයෙන් විඩියෝගත කර සමාජ මාධ්‍යට මුදාහැර තිබියදී සුනඛයාගේ අයිතිකාර කාන්තාව එම දැක පසුව සැකකරුට එරෙහිව නානුඔය පොලිසියට පැමිණිල්ලක් (27) දින ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරු සුනඛයාට ප්‍රතිකාර ලබා දෙන බවට පැමිණිලි පාර්ශවයට පොරොන්දු වී මෙන් පසු නානුඔය පොලිසිය විසින් එම සිද්ධිය පිලිබදව දෙපාර්ශව එකගතාවය මත සමතයකට පත් කර තිබුණි.

සමාජ මාධ්‍යට මුදා හැර තිබු දර්ශණ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු නානුඔය පොලිසිය විසින් සැකකරු යළිත් ඊයේ (28) දින අත්අඩංගුවට ගෙන අද  (29) දින නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

 

 



අදහස් (3)

සුනඛයාට පහරදී ඇළට විසි කළ තරුණයා රිමාන්ඩ්

Lalla Friday, 29 August 2025 10:51 PM

මිනීමරුවකු වීමේ මූලික ලක්ෂණ. මෙය මානසික රෝගී තත්ත්වයක් නොවේද?

:       0       0

fairoos Saturday, 30 August 2025 01:13 PM

මිනිස්සු සත්තු වගේ

:       0       0

chinthana Monday, 01 September 2025 12:48 PM

බල්ලෝ හදන්න ඕනෙ තමන්ගේ වත්තට අනිවාර්යයෙන් එන මිනිසුන් හා සතුන් හැර අනික් මිනිස්සුන්ට සතුන්ට කරදරයක් නොවන ලෙස...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2032 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site