(අංජුල මහික වීරරත්න)
2021 මහ කන්නයේ දී මෙරට බඩ ඉරිඟු වගාවට බලපෑ සේනා දළඹු වගා හානිය හා වී වගාවට සිදු වූ වගා හානි සම්බන්ධව වාර්තා වූ කරුණු පරීක්ෂා කර බැලීමෙන් අනතූරුව එම වගා හානි සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 657ක් ගොවීන්ට ලබා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මීට අමතරව 2021 යල කන්නයේ ගොවීන් පිරිසකට ද සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීම ත්‍රිකුණාමලයෙන් ආරම්භ කෙරුණු බවද එහි දී ගොවීන් 13 දෙනකුට රුපියල් 80,000 බැගින් වන්දි මුදල් ප්‍රදානය කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුවූ බව අමාත්‍යාංශය කියයි.
2021 මහ කන්නයේ දී දිස්ත්‍රික්ක 25 ක ගොවීන් 31,613කට වගා හානි සිදු වී තිබු අතර වගා කරන ලද ඉඩම් අක්කර 42,934ක් වගා හානි සිදු වූ බව තහවුරු විය. එම වගා හානි සඳහා අනුමත කරන ලද මුදල රුපියල් මිලියන 657කි. එම සම්පූර්ණ මුදලම මේ වනවිට ගොවි ජනතාවට ගෙවා අවසන් කරන ලද බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී . වීරසේකර මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සේනා දළඹු හානි වෙනුවෙන් මිලියන 657 ක්