
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සතොස ආයතනයේ සුදුලුනු වංචාව සම්බන්ධ නියම වැරැදිකරුවන්ට දඩුවම් නොකර ආණ්ඩුව මාධ්‍යවේදීන් ඇතුළු වෙනත් පුද්ගලයන් පසුපස යමින් නාට්‍යයක් රඟ දක්වන බව පෙනෙන්නට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
සතොස ආයතනයේ උඳු ,පිටි, ටින් මාළු සීනි ගෙන්වීමට අදාළවද වංචා රැසක් සිදු වී ඇතැයි තොරතුරු හෙළිවී තිබෙන බව හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2)යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ සුදු ඇඳන් ඉන්න සියලුම දෙනා පසුගිය අවුරුදු 20-30 ඇතුලත තමන්ගේ සහ තම පවුලේ ආදායම් වියදම් සහ වත්කම් වාර්තා ටික දෙන්න කියන්න ඔබතුමාට හිතෙන්නේ නැත්තේ මොකද.
කළයුතුව තිබුනේ පාර්ලිමේන්තුව ඇතුලේ කිසිවක් නොකියා සිඅයිඩිය ලිඛිතව පැමිණිලි කිරීම නොවේද? මේ බොරුවට කෑමොර දෙන්නේ රට ඉදිරියට ගෙනයෑම කෙසේ වෙතත් බලය ලබාගැනීමේ අරමුණ නොවේද ?
පකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා සදහන් කර තිබුනා රටවල් දුප්පත් වන්නේ හොරකම නිසාවෙන් බව. මෙය ශ්‍රී ලංකාවටත් 100% ක් ම ගැලපෙන ප්‍රකාශයකි. සෑම තැනකම පාහේ ඇත්තේ දුෂණය සහ වංචාවය. බලය නැති කොට දුෂණය වංචාවට එරෙහිව හඩ නගන අය බලයට පැමිණි පසු කරන්නේ මොනවාද ? ඔලුවෙන් හිටගෙන හිතන්න.
යහපාලන කාලයේදී අපි දැක්කනේ රඟපාපු නාට්‍යවල්... මේ මිනිස්සුන්ට දිවවල් කීයක් තියෙනවද කියලා දන්නේ නැහැ.
වැඩිය ඕනෑ නැහැ. තමන්ගේ අමාත්‍යාංශයේ කිසිම වංචා, දූෂණයක් සිදු වුනේ නැතිද?