(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ අමාත්‍ය ධූරයක් දැරීමට නොහැකි ආකාරයේ සදාචාර විරෝධී හැසිරීමක් පෙන්වූ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඔහු දැරූ සියලුම රාජ්‍ය අමාත්‍ය ධුරවලින් ඉවත් කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලොහාන් රත්වත්තේ මහතාට මෙම චෝදනාව එල්ල වූයේ චර්යාව සම්බන්ධයෙන් වන ක්‍රියාවකට හෙයින් ඔහුට ලංකාවේ කිසිදු ඇමැති ධුරයක් දැරීමට අයිතියක් නැතැයි ද රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
බන්ධනාගාරයකට නොව හෝටලයකට හෝ ගොස් මෙවැනි හැසිරීමක් පෙන්නුම් පුද්ගලයකු අමාත්‍යධුරයක තබා ගැනීමට ජනාධිපතිවරයාට ඉඩක් නැතැයි ද විජයවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසූයේ පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයන් සමග අද(16) සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක් අතරවාරයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ අමාත්‍ය ධූරයක් දැරීමට නොහැකි ආකාරයේ සදාචාර විරෝධී හැසිරීමක් පෙන්වූ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පමණක් නොව පාර්ලිමේන්තුවේ නොසිටියයුතු බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටී.
මෙතුමාගේ අදහස් නම් හොදයි.
මිනී මරලා මරණ දඬුවම නියම වුන පුද්ගලයෙක් බන්ධනාගාරේ සිට පාර්ලිමේන්තු එනවා
නැහැ නැහැ නියෝජ්‍ය නායකතුමෝ ,ඔබතුමාටත් වැරදිලා .දැන් තමා ලොහාන් හිටියටත් වඩා ඉහල තනතුරක් දැරීමට හොඳටම සුදුසුකම තියෙන්නේ .එතකොටයි මම ඉතා හොඳටම කළා .කියන්න හැක්කේ