(බිඟුන් මේනක ගමගේ)
විවාදයට තුඩු දුන් සුදු ලූනු තොග අළෙවිය සම්බන්ධයෙන් ලක් සතොස ඉහළ කළමනාකාරිත්වය දැන සිටි බව අභ්‍යන්තර ලේඛන අනුව ‘ලංකාදීප’යට වාර්තා වේ.
වරාය අධිකාරියෙන් මෙම සුදු ලූනු තොගය ගැන පසුගිය සැප්තැම්බර් 7 වැනිදා ලක් සතොසට දන්වා ඇති අතර තත්ත්ව පරීක්ෂකවරුන් විසින් එය එදිනම පරීක්ෂාවට ලක්කරනු ලැබ තිබේ.
ජූලි 14 වැනිදා වරායට සේන්දු වූ කන්ටේනර් දෙකක අඩංගු මෙම සුදු ලූනු තොගය මිනිස් පරිභෝජනයට සුදුසු බවට එහිදී සහතික කර ඇත.
මෙහි වැදගත්ම කරුණ වන්නේ තත්ත්ව පරීක්ෂාවේ නිගමන හා නිර්දේශවලට අදාළ ලේඛන ලක් සතොසේ ඉහළ කළමනාකාරිත්වය අතරේ හුවමාරු වී තිබීමය.
තත්ත්ව පරීක්ෂාවේ නිගමන හා නිර්දේශ සහිතව සහකාර කළමනාකාර(තත්ත්ව සහතික) දුලාංජි රන්දෙනිවල විසින් ජ්‍යෙෂ්ඨ කළමණාකරු (තත්ත්ව සහතික) චමිල බොතේජු හරහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රසම්පාදන) චමිල අසුරමාන්න මෙනෙවිය හා ජ්‍යෙෂ්ඨ කළමණාකාර(ලොජිස්ටික්ස්) ආර්.එස් ප්‍රනාන්දු වෙත යොමු කළ ලිපිය මගින් හා තවත් ලේඛනවලින් මෙම කරුණ අනාවරණය වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ලංකා සතොස සභාපති ආනන්ද පීරිස් මහතා අදාළ ලිපි හුවමාරුව සිදුවන විට තමා කොළඹින් පිටත රාජකාරියේ නිරතව සිටියේ යැයි පැවැසීය.
එහෙත් තමාට මෙම ගනුදෙනුව ගැන වෙනත් මාර්ගයකින් දැනගැනීමට ලැබුණු පසු එය වළක්වන්නැයි උපදෙස් දීමක් කළේ යැයි ද සභාපතිවරයා කීය.
සිදුවීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් නියෝජ්‍ය සාමානා්‍යාධිකාරි (මූල්‍ය) සුසිරි පෙරේරාට නිල බලයෙන් ඉහළින් සිටින්නේ තමා හා තවත් එක් නිලධාරියෙකු පමණක් යැයි කී සභාපතිවරයා සිදුවීම ගැන අභ්‍යන්තර විගණන අංශයෙන් වෙනම විමර්ශනයක් සිදුවන්නේ යැයි ද කීය.
එහෙත් මෙම සුදු ලූනු තොග විකිණීමේදී m/s ns enterprises සමාගමට තෝරාගැනීම හා මිල ගණන් තීන්දු කිරීමට අදාළව ජ්‍යෙෂ්ඨ කළමණාකාරු ආර්.එස් ප්‍රනාන්දු මහතාගේ අස්සනින් සැප්තැම්බර් 9 දාතමින් නිකුත් කර ඇති ලිපියකින් අනාවරණය වන්නේ ඊට අදාළ තීන්දු ගැන කළමනාකාරිත්වය දැනුවත්ව සිටි බවයි.
වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන හා වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන දෙපළ එක්ව ඉදිරිපත් කර තිබූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් එකඟ වී තිබූ ආකාරයට මෙම මිලදීගැනීම් කළයුතුව තිබුණේ ලක් සතොස තොග හා අළෙවියට අදාළ පහසුකම් යන කරුණු ද සැලකිල්ලට ගනිමිනි.
එහෙත් මෙම තොරතුරුවලින් පැහැදිලිවන්නේ අදාළ එකඟතා නොසලකමින් අත්‍යවශ්‍ය ආහාර මිලදීගැනීම් හා අළෙවිය සම්බන්ධයෙන් ලක් සතොස කළමනාකාරිත්වය වගකීම්විරහිත ලෙස කටයුතු කර ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදු ළූණු සම්බන්ධ ලක් සතොස ලොක්කන් පඩි නැති නිවාඩු යැව්වා... පරීක්ෂණයක් කරන්න...
සීනි හොරකම වගේමද මේක? ඒවාට නම් ඉතින්.. මොනවා ලියන්නද..?
ඔක්කොම යාලුවෝ මල්ලී..!!!
සතොස විතරක් නොවේ රාජ්‍ය ආයතන බහුතරයක ඉහළ කළමනාකාරීත්වය අන්ත දූෂිතයි. සමහර ආයතනවල ඉහළ කළමනාකාරීත්වයේ ඉඳන් පහළ සුළු සේවකයා දක්වා සියල්ලම පගාවට, අල්ලසට යට්‍වෙලා ඉන්නේ. දූෂිත රාජ්‍ය නිලධාරීවාදය ඇවිල්ලා අපේ රටට කරලා තිබෙන විනාශය හිතා ගන්න බැරි තරම් විශාලයි.
මේව අහන්නත් දේවල්ද මහත්තයො මහ එවුන් දන්නෙ නැතිව සොක්කන්ට පුලුවන් ද මේ වගේ ගේම් දෙන්න.
ප්‍රාදේශීය සභාවට ගියත් සභාපති දන්නේ නැහැ පහල උන් ට තියෙන වැඩ මොනවද, ඒ වැඩ කරන්න කොච්චර කාලයක් ගන්නවාද ,අඩුම ගානේ තියෙන වැඩ ප්‍රමාණය ,කරන වැඩ ප්‍රමාණය ලොක්කා දන්නේ නැහැ. ඉතින් රටක් හැදෙයි ද. අදාළ ඇමති ලාට ගියත් එහෙමයි.කවුරුවත් දන්නේ නැහැ පහල මොනවද වෙන්නේ කියල ,තොත්ත බබාලා
මේ සුදුළූණු බිකකට මේ තරම් නැහෙන්නේ මොකටද? අපේ අප්පච්චි කියනවා ඒ වගේ ලෝකේ අනිත් රටවලත් මේවා වෙනවා. ඔන්න ඔහේ ඔය ලොරියක් එළවපු රියදුරෙක්ව අවුරුදු 4කට හිරේට දාලා වැඩේ අහවරයක් කරන්න.
පුළුවන් නම් කියන්න හොර කමට බය නැති සමාජයක් ගොඩ නැගීමේ ගෞරවය කාටද හිමිවිය යුත්තෙ කියල, එහෙම සමාජයක හොරු දන්නව මොනවත් නොවෙන බවත් ගරුනම්බු ලැබෙන බවත්,