(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකා පදනම ආයතනය චිත්‍රාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අතරමඟ නවතා දැමීමෙන් එම ව්‍යාපෘතියේ උපදේශක ගාස්තු ලෙස ගෙවූ රුපියල් එකොළොස් ලක්ෂයකට ආසන්න මුදලක් නාස්තිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
අරමුදල් ගැටලුවක් මත කළමනාකාරිත්වය ගත් තීරණයක් අනුව මෙම චිත්‍රාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2018 වර්ෂයේදී මෙලෙස නතර කර තිබිණ.
මේ අතර රූපවාහිනී නාලිකාවක් ආරම්භ කර පවත්වාගෙන යෑම සඳහා 2018 හා 2019 වර්ෂයේ දී රුපියල් ලක්ෂ හැටකට වැඩි මුදලක් වැය කර තිබුණ අතර ඉන් ලක්ෂ 40 ක ආදායමක් අපේක්ෂා කළද උපයා ගෙන තිබූ ආදායම රුපියල් එක්ලක්ෂ අනූ දාහක් බව විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද යහපාලකයින්ගේ සැලසුම්...? කෝ ජෙප්පෝ මේවා ගැන කතා කරනවද? අනුර මල්ලි මේවා ගැන කතා කරන්න කෝ? චිත්‍රාගාරයක් ඉදිකරන්නේ පිචර් නිෂ්පාදනයටද? පිචර් නිෂ්පාදනය කරන්නේ ඉස්කෝල කොල්ලෝ කෙල්ලන්ට බලන්නද?