(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල  මහික වීරරත්න)

සූදු නියාමන අධිකාරිය ලබන වසරේ ජූනි 30ට පෙර පිහිටුවා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දුන් නිර්දේශය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ එකඟතාව පළවිය.

සූදු නියාමන අධිකාරිය පිහිටුවීමට විදේශීය විශේෂඥ දැනුම ලබාගන්නා ලෙසටද  රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කළේය.

මෙම නිර්දේශය ලබා දුන්නේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.