IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


’’ස්ථාවර රජයක් පත් නොකලොත් රට අකර්මණ්‍ය වෙයි’’

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ස්ථාවර රජයක් ඉක්මණින් ඇති නොවූවොත් රට අකර්මණ්‍ය විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු ඇඟවුවේය.

ඉදිරියේදී ඉන්ධන ආනයනය කිරීමට ප්‍රමාණවත් විදේශ විනිමය ශ්‍රී ලංකාවට සොයා ගත හැකි වේ දැයි විශාල අවිනිශ්චිතතාවයක් තිබෙන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා  බී.බී.සී නාලිකාවේ නිව්ස් නයිට් වැඩසටහනට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනක් ලබා ගැනීමේ සඳහා පැවැත්වෙන සාකච්ඡා වල ප්‍රගතිය ස්ථාවර රජයක් පත්වීම මත රඳා පවතින බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විශාල නොසන්සුන්තාවයක් ඇති වී තිබෙන බව ආචාර්ය වීරසිංහ මහතා සඳහන් කළේය.

මෙම මස අවසන් වන තෙක් අවම වශයෙන් ඩීසල් නෞකා 3කට සහ පෙට්‍රල් නෞකා එකකට හෝ දෙකකට මූල්‍ය පහසුකම් ලබා දීමට මහබැංකුවට  හැකියාව ලැබුනත් ඉන්පසු පෙට්‍රෝලියම් නිෂ්පාදන සඳහා ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට හැකිවේදැයි විශාල අවිනිශ්චිතතාවයක් තිබෙන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.

පෙට්‍රෝලියම් නිෂ්පාදන සඳහා ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය සොයා ගත නොහැකි වුවහොත් එවිට රට වසා දැමීම හා සමාන තත්ත්වයක් ශ්‍රී ලංකාවේ උද්ගත විය හැකි බව  ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේ ය.තීරණගත හැකි ජනාධිපතිවරයෙක්,අගමැතිවරයෙක් සහ කැබිනට්ටුවක් අවශ්‍ය වන්නේ එම නිසා බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.එවැනි යාන්ත්‍රණයක් නොමැති වුවහොත් ජනතාවට දුක් විඳීමට සිදුවෙනු ඇතිබව වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලදී ධනාත්මක ප්‍රගතියක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුවත් එයද රඳා පවතින්නේ කෙතරම් ඉක්මණින් ස්ථාවර රජයක් පත්වන්නේද යන සාධකය මත බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.



අදහස් (1)

’’ස්ථාවර රජයක් පත් නොකලොත් රට අකර්මණ්‍ය වෙයි’’

sharm warn Friday, 15 July 2022 03:50 PM

වැඩ බලන්න පත්කරලා තියෙන ජනාධිපති තව මාස 3ක් හිටියොත් ලංකාව රටවල් 5කට විතර විකුණලා තියෙයි. එතකොට ආක්‍රමණය වෙච්චි රටක්වත් තියන එකක් නෑ. තමන්ගේ ගෙට ගිනි තියාගන්න පුළුවන් නම් තව මොනවද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 244 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 416 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 739 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site