බිඟුන් මේනක ගමගේ
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ ආකාරය නිවැරැදි යැයි ද ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංග යෝජනාවකට ඡන්දය විමසීමට හැකි යැයි ද පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරයකු වන නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
කතානායක කරු ජයසූරිය මහතා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගය ස්ථාවර නියෝගවලට අනුකූල යැයි ද සෙනෙවිරත්න මහතා අවධාරණය කළේය.
ස්ථාවර නියෝග අත්නොහිට වූ තත්ත්වයකදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට දීර්ඝ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු යැයි ද විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ආකාර සම්බන්ධයෙන් ‘ලංකාදීප’ සමග සාකච්ඡාවට එක්වෙමින් සෙනෙවිරත්න මහතා කීය.
නිහාල් සෙනෙවිරත්න මහතා 1981 සිට 1994 දක්වා පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරය දැරුවේය.
ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංග යෝජනාවක් අනුමත කිරීම ස්ථාවර නියෝගවලට පටහැනි යැයි රජයේ කැබිනට් සමමාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පසුගියදා චෝදනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක විකාරයක් එක එක පුද්ගලයන් තම තමන්ගෙ කෝණ වලින් බලලා මේ විධායකය මහ ව්‍යවස්ථා දායකය අතර ප්රශ්නය විසදන්න බැහැ. ඒකට හරිම මතය දැන් දෙන්න ඕනා.
"ස්ථාවර නියෝග අත්නොහිට වූ තත්ත්වයකදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට දීර්ඝ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු යැයි" එක තමයි දීර්ග කාලයක් අරගෙන විනාඩි 10 කරලා පෙන්නුවේ
අපිට මතකයි මීට පෙර විශ්වාසභංග ගෙන ආපු අවස්ථාවල විශ්වසභංගත්වයට හේතු සමගයි පත්‍රිකාව ඉදිරිපත්කලේ.
අනේ අර ඉපදුණු දා ඉඳලා පාර්ලිමේන්තු ඇවිල්ලා තිබෙනවා කියන කෙනා මේක නොදන්න එකනේ පුදුමේ නේද?