(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු සංකීර්ණය සතුරු ඩ්‍රෝනා යානාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඩ්‍රෝනා නාශක උපකරණ පද්ධති(Anti drone detection system ) තවත් තුනක් එහි සවිකිරීමට කටයුතු කරගෙන යන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ අංශයක් විසින් මෙම ඩ්‍රෝනා නාශක උපකරණ පද්ධති නිෂ්පාදනය කරනු ලබන බව සඳහන් කරන වේත්‍රධාරිවරයා අඩු වියදමකින් එම උපකරණ පද්ධති සවි කිරීමට මේනිසා හැකිවන බවද සඳහන් කළේය.
ඩ්‍රෝනා නාශක උපකරණ පද්ධති කිහිපයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ මෙයට පෙරද සවි කරනු ලැබීය. ඒවා පාර්ලිමේන්තුවට පිරිනමනු ලැබුවේද යුද හමුදාව විසිනි.
සතුරු ඩ්‍රෝනා යානා කල්තියා හඳුනා ගෙන ඒවා පලවා හැරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඩ්‍රෝනා නාශක උපකරණ පද්ධති මගින් සිදු කෙරේ.
මේ අතර පාර්ලිමේන්තුවට ඉහළ අහසේ සරුංගල් යැවීමද ආරක්ෂක හේතූ මත තහනම් කරනු ලැබ ඇත. පාර්ලිමේන්තුවට ඉහළින් සරුංගල් යැවූ කිහිප දෙනකුට ආරක්ෂක අංශ විසින් පසුගිය දිනවල අවවාද කරනු ලැබ ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙරෙපුවෙන් ගහන්න ඕන... ඒ අයට කවුද ඩ්‍රෝන් දාලා ගහන්නේ?
අපොයි ඔව්. මොනදේ කරලා හරි ආරක්ෂා කරගත යුතු රටේ වැදගත්ම ප්‍රදේශයක්... අපි නොකා නොබී කලුවරේම ඉන්නම්. ඔතන ආරක්ෂාව නැතිකර ගන්න එපා...
මොනවද මේ වැඩ..? පාර්ලිමේන්තුවක් විසින් කිසියම් රටක් සාධාරණව පාලනය කරන්නේ නම්, එම රට රටේ පුරවැසියන් විසින් ආරක්ෂා කරගැනීම සිදුවේ. එවන් රටවල දේශපාලනඥයින් ගමන් බිමන් යනුයේ සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමෙන්. ඒ තුළින් ඒ රටවල් වලට විශාල මුදල් සම්භාරයක් ද ඉතිරිවේ. අනික, ලෝකෙන් හිඟා කකා, ණය වේවි ඉන්නා අපේ රටේ පාර්ලිමේන්තුවට ප්‍රහාර එල්ල කරයි කියා හිතන්න අමාරුයි. මගේ අම්මෝ.. වටිනා කියන අයගෙන් තමයි අපේ පාර්ලිමේන්තුව පිරිලා තියෙන්නේ. කියනා කුණු කතා අහන් ඉන්නත් බැහැ. ඉස්කෝලේ නොගිය අයත් ඉන්න අපේ පාර්ලිමේන්තුව ... !!!
කාටද අනේ? ඔය හාල්පාරුවන් ටික මරන්න ඕනෑ...!
ඕකේ ඉන්න අයට ඩ්‍රෝන ගහන්න ඕන නෑ. තව කී කාලෙද 225 දෙනාට මන්ත්‍රීකම...?
ඔය ස්ථානය නැතිවුණාය කියලා රටට සෙතක් මිස අවැඩක් නම් සිදුනොවේ..
ඩ්‍රෝනා එවන එවුන් අල්ලාගෙන අඬු කඩන්න. ඩ්‍රෝනා පෙන්නන්න එක්ක යන්න.
ඩ්‍රෝනා එනවට වඩා හොඳයි සයිවර් කඩේකින් තෝසෙ පාරක් දාන එක... නැද්ද ආයුබෝවන්...?