IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සතුන්ට බදින කදන් ඇටවූ හිටපු හමුදා සැරයන් අත්අඩංගුවට

    

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ කුකුල් කටුව ආසන්නයේ වන සතුන් ඉලක්ක කරමින් බදින කදන් ඇටවු හිටපු හමුදා නිළධාරීයකු කුකුල්කටුව වනජීවි නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙනතිබේ.

මෙලෙස අත් අඩංගුව ගෙන ඇත්තේ විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමේ පිහිටි කුකුල්කටුව ප්‍රදේශයෙ පදිංචි යුද  හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය සැරයන්වරයෙකු බව කියයි.

විල්පත්තුව කුකුල්කටුව බිට්ටු වනජීවි නිළධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව අදාල සැකකරු සොයා සිදුකළ වැටලීමකදි වන සතුන් ඉලක්ක කර ගනිමින් බදින කදන් අටවමින් සිටියදි මෙලෙස අත්  අඩංගුවට ගැනිමට හැකිව ඇති බව කියයි.

මේ දිනවල පවතින වියළි කාලගුණය හමුවේ ජලය සොයා විල්පත්තුව ජාතික වන උද්‍යානයෙන් විවිධ ප්‍රදේශ වලට සැරි සරණ වන සතුන් ඉලක්ක කර ගනිමින් මෙම සැකකරු විසින් දිගින් දිගටම කදන් අටවමින් සිටි  බවට ලැබුන තොරතුර මත අදාල වැටලීම කර තිබු බව කියයි.

 

 



අදහස් (0)

සතුන්ට බදින කදන් ඇටවූ හිටපු හමුදා සැරයන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2036 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site