(රංජන් කස්තුරි)
කොරෝනා වයිරසය රටපුරා තදින් පැතිර යමින් තිබෙන නිසා එයට පාලනය කිරීමට නම් අඩුම තරමේ සති දෙකක්වත් මුළු රටම වසා තැබිය යුතු යැයි මෙරට ප්‍රධානතම වෛද්‍ය සම්ගම් හතරක් අවධාරණය කරයි.
පළාත් අතර සංචරණ සීමා පැනවීම, හඳුනගත් ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීම මගින් පමණක් වයිරසය පැතරයාම පාලනය කිරීමට නොහැකි බව ද එම වෛද්‍ය සංගම් කියයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර් විද්‍යායතන කමිටුව යන සංගම් රජයෙන් එම ඉල්ලීම කරයි.
ලබන අඟහරුවාදා (24) සංචරණ සීමා ලිහිල් නොකර එය තවත් දින ගණනාවකට දීර්ඝ කළ යුතු බව ද දින හතරක් පහක් සංචරණ සීමා පැනවීමෙන් යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් එම සංචරණ සීමාව තවත් සතියකින්වත් දීර්ඝ කළ යුතු බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලක්කුමාර් ප්‍රනාන්දු මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් හිටපු කෙනානම් සාත්තරෙන් හරි දැක්කා. අනේ මේ දැන් ඉන්න කෙනාටත් මේක පෙන්නන්නකෝ...
සර් චීනෙන් අහලා කියනකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න ඉතින්...
සති දෙකක් නෙවෙයි මාසයක් වැහුවත් කමක් නැහැ. හැබැයි මිනිසුන්ට එක වේලකට හරි කෑම සපයන්නට වග බලාගත යුතුයි. මොකද රජයේ සේවකයින්ට පමණක් නොවේ, අන් සියල්ලටම බඩගිනි දැනෙනවා...
බීරි අලීන්ට වීණා වයනවා වගේ. මෝඩයෝ නායකයෝ වශයෙන් පත් වුණාම ඔහොම තමා...!!
කොරෝනා හින්දා රට වහන එක විසඳුම නෙවෙයි. මේක තනිකර මිනිස්සුන්ගේ චර්යාව පිළිබඳ ප්‍රශ්නයක්. ඒක විසඳන්නේ නැතිව රට කොච්චර වහගෙන හිටියත් වැඩක් නැහැ. ඕක ඇරපු ගමන් ආයෙමත් වැඩිවෙනවා. හැමදාම අඩුවෙනකොට අරියි වැඩිවෙනකොට වහන්න කියලා බෙරිහන් දෙයි. එ්ත් කව්රුත් මිනිස්සුන්ගේ චර්යාව වෙනස් කරන්න උනන්දු වෙන්නේ නෑ. ඔය කොරෝනා මැඩ පවත්වපු රටවල් ඔක්කොම කොරෝනාව අඩුකරගන්න ලොක්ඩවුන් කළාට පස්සේ මිනිස්සුන්ට හොම්බෙන් යන්න දඩ ගහනවා මාස්ක් එහෙම හරියට දාන්නේ නැතිවුනොත්. සමහර රටවල එකට කන්නත් තහනම්. මේ රටේ ගොඩක් නීතිරීතිවලට ගරුකරන්නේ නෑ. හැමෝම බලන්නේ තියෙන නීතිවලින් රිංගන්නේ කොහොමද කියලා විතරයි. දිස්ත්‍රික්ක අතර යන්න එපා කියනවා, එක්රැස් වෙන්න එපා කියනවා.. කෝ අහනවද? අනුන්ට ඇඟිල්ල දික්කරන්න ඉස්සෙල්ලා තමන් හරියට ඉන්නවද කියලා තමන්ම හිතන්න.
ඔය සමාගම් ඔක්කාමෙ කඩේ යන්නේ බටහිර බෙහෙත් නිපදවන ආයතනවලට ඕනෑ විදිහට. රට වැහුවාම මිනිස්සුන්ට කන්න, අඳින්න, බොන්න අනිත් දේවල් දෙන්නේ ඔය දෙකයි පනහේ සමාගම්ද?
අපේ පාලකයින් අඳ, ගොළු, බිහිරියි...
මොකුත් නෙවේ.. කීදේ නාහන එකයි වැරැද්ද. බෙහෙතක් තිබුනොත් හැදූ කෙනාගේ උප්පැන්නය හොයන, (ඒ වුණාට ඔය අගුණයි කියන අයම නිවෙස් වලදි බොන්නෙත් ඒවා.) හැදියාව (විනය) නැතිකම..
සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනිය දක්ෂ වෛද්‍ය වෘත්තිකයෙක් ලෙස සිටි නිසා එතුමියට හොඳ දැක්මක් තියෙන බව පේනවා. ඒ වුණාට කියන ඒවා කාටවල් ඇහෙන්නේ නැහැ. හිතුවක්කාර තීන්දුවලම එළඹිලා ඉන්නවා. ඉතිහාස ගත වෙනවා මේ විපතට වගකිව යුත්තෝ..
එහෙනම් අර ජොනියා කිව්වේ ආණ්ඩුවට ඇති තරම් සල්ලි තියෙනවා කියලා. කන්න, වාගේම අරක්කු බොන්නත් දෙන්න වෙයි කිලෝමීටර් ගණන් තියෙන පෝලිම් වල හැටියට...
වෛද්‍යවරුන් ඉගෙනගන්නේ ලෙඩරෝග සුව කරන්න. හමුදාව ඉන්නේ යුද්ධ කරන්න. ඒත් අද මේ රටේ කෙරෙන්නේ හමුදාව හා දේශපාලකයන් එකතු වී වෛද්‍යවරුන්ගේ වැඩේ කරන්නට යෑමයි. මේ ගොන් වැඩේ ගැන ජනතාවට වටහා ගන්න මොළයක් තිබුණාට ඒ ගොන් වැඩේ කරන අයට එය වටහා ගන්නට බැහැ. එහෙම පුළුවන් කමක් තිබුණා නම් එහෙම කරන්නේ නැහැ. මේ වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට දින 14 ක් රට වසා තැබිය යුතුයි. පිටරටින් ලැබුණු කෝටි ප්‍රකෝටි ගණන් මුදල් යොදවා මිනිසුන්ට සති 2 සඳහා ආහාර ලබාදී රට වැහුවා නම් වැඩේ හරි. එහෙම නොකරන්නේ ආධාර මුදල් ටිකට තියෙන කෑදර කමට. ඒ වගේම ලෙඩේ පැතිරුණාම එන්නත් නිපදවීමේ වැඩේ කරන්නේ කොහොමද? ඒ නිසා ලෙඩේ හොඳකරලා කොහොමද? ලෙඩේ තව පැතිරිය යුතුයි. එතකොට තමයි, ආධාර මුදල් සම්භාරය යටිමඩි ගහගෙන, ඉන්ජෙක්ෂන් ව්‍යාපාරය කරගෙන, කෝවිඩ් බෙරේ කොයිවේලාවෙත් ගහගෙන, සියළු ප්‍රශ්න යටගහගෙන රට තමන්ට ඕනෑ විදිහට කරගෙන යන්නට පුළුවන්. මිනිසුන් ටික මැරිලා ගියාම, ගෙඩිය පිටින්ම ලංකා භූමිය චීනාට විකුණලා දාන්න පුළුවන්. ඒක වෙන්නට ඇති අරමුණ. එසේ නැතිනම්, මෙහෙම කරන්නට හේතුවක් නැහැ.
අපි හැමොම කැමතියි රට මාසගාණක් වුණත් වහලා තියෙනවා නම්, ඒත් ඇත්තටම රටේ පවතින උග්‍ර මූල්‍ය අර්බුදයට කවුද විසඳුම් දෙන්නේ? කවුද... ජනාධිපති කියලා කොහෙන් රටට සල්ලි ගේන්නද...? ඕවා මේකේ කමෙන්ට් දාන අයට තේරෙන්නේ නැහැ. ලෝක ආර්ථිකය අනුව අපේ රට ඉතා දුෂ්කර අවධියක පවතින්නේ...
නියමිත වේලාවට නිෂ්පාදනය කරන සමාගම් වලට ඇතිතරම් මුදලක් ගෙවලා එන්නත් ඇණවුම් කළා නම් මේ ප්‍රශ්නේ උග්රවෙන්නේ නැහැ. යුරෝපයේ එන්නත් කරණය 60% සම්පූර්ණ කරපු එංගලන්තය දැන් සාමාන්‍ය තත්වයට පත්වෙලා. එන්නත් කරණය 40% සම්පූර්ණ කරපු මධ්‍යම යුරෝපයේ ජර්මනිය වැනි රටවල් 80% ක් පමණ ලොක්ඩවුන් එක ඇරලා... ලබන පාර සම්පූර්ණයෙන් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඊස්රායලයේ එන්නත්කරණයෙන් කොරෝනා 100% ක් පාලනය කරලා... අපි තවම බඩගානවා. රටවිරුවා පිටරට අතරමංවෙලා ... මහලොකු රණවිරුවා තම නොහැකියාව කියමින් ගමේ යනවා.
සෞඛ්‍ය ඇමැති අද පුවත්පතේ කියලා තිබුණා මේ වසංගතය පාලනය කරගන්න පුළුවන් කියලා. මේ විෂයය ගැන නොදන්න අයට මේ වගේ කතා කියන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශය දැන්වත් මෙම විෂයේ පලපුරුද්දක් , දැනීමක් ඇති කෙනෙකුට බාරදෙන්න. විහිළු කතා කිය කිය හිටියොත් මේ අවදානම උපරිමයට යාවි.
අන්ත ජෙප්පෙක් වෙන නාමල් කුමාරත් කියනවා වහන්න එපාලු. මේකේ ඉන්න විපක්ෂයේ වහල්ලු ටික උඩු බුරනවා. එදා වේල හම්බකරන මිනිස්සු කොහොමද ජීවත්වෙන්නේ රට වහලා. අනික ඔය බනින අය ඉස්සෙල්ලාම තමන්ට කරන්න පුලුවන් ටික කරාද කියලා හිතන්න..? අනිත් අයට ඇඟිල්ල දික්කරන්න කලින්. මොකද තමන් අනවශ්‍ය ගමන් නොගිහින් ආරක්ෂා වුණොත් එක ලෙඩෙක් හා ඔහුගෙන් බෝවන තව ලෙඩ්ඩු ගොඩක් අඩුවෙනවා. එහෙම හැම කෙනාම හිතුවොත් හරිම ඉක්මණට මේක පාලනය කරන්න පුළුවන්. දියුණු රටවල මිනිස්සු එහෙමයි. ඒකට අපේ අය කිසිම වගකීමක් නැතුව වැඩ කරකර රජයට බනින්න විතරයි දන්නේ. ඒ ටික හරියට කරන කෙනෙක් නම් බැන්නට කමක් නෑ. කොටින්ම කියනවා නම් රට වහලා කියලා හිතලා පරිස්සමින් වැඩ කරානම් ඉවරයි. ස්වයං හික්මීමක් නැති මිනිසුන් සිටිනා රටක් කවදා දියුණු කරන්නද?
ඇත්ත, මිනිස්සුන්ට හික්මීමක් නැහැ.. හැබැයි අනිත් අතට ආණ්ඩුවේ මහා එකාලාට දැක්මකුත් නැහැ. අද වෙලා තියෙන්නේ එ්කයි..