(හැටන් රංජිත් රාජපක්ෂ)
අද (02) සිට එළඹෙන සති අන්ත දිර්ඝ නිවාඩුව සඳහා කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.
අද උදැසන 7.30 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ එම විශේෂ දුම්රිය 12.30 හැටන් දුම්රිය ස්ථානයට ළඟාවූ අතර එම දුම්රිය පස්වරු 1.30ට නානුඔය දුම්රිය ස්ථානය වෙත ළඟාවීමට නියමිතය.
යලිත් එම දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා පස්වරු 5 ට ගමන් ආරම්භ කරන අතර එය මධ්‍යම රාත්‍රි 12 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා පැමිණීමට නියමිතය.
අද සිට ධාවනයට එක් කර ඇති විශේෂ දුම්රියෙන් ශ්‍රි පාදය වන්දනා කිරීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණි අතර එම දුම්රියෙන් පැමිණි වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලත්නිය දක්වා ප්‍රවහනය කිරිමට හැටන් ලංගම ඩිපෝවේ බස් රථ කිහිපයක් ධාවනයට එක් කර තිබේ.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා දිනපතා ධාවනය වන උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ රාත්‍රි තැපැල් දුම්රියෙන්ද ශ්‍රී පාදය කරුණා කිරිමට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් අමතර ලංගම බස් රථ ගණනාවක් ධාවනයට එක් කර ඇති බව හැටන් - ලංගම ඩිපෝවේ ඩිපෝ පරීක්ෂක රෝහණද සිල්වා මහතා පැවසීය.
සති අන්ත දිර්ඝ නිවාඩුවක් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරීමට දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙන බවත්, එම වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුමරිය ස්ථානයේ විශ්‍රාම ශලාවේ අවශ්‍ය සියළුම පහසුකම් සලසා ඇති බවත් හැටන් දුම්රිය ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd