
(නිමල කොඩිතුවක්කු)
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට දී අද(20) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විරෝධතාවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , සිවිල් සංවිධාන නියෝජිතයන්, නීතීඥවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට ප්‍රථම පාර්ලිමේන්තු පිවිසුම් අසලට රැස් වූ සමගි ජනබලවේගය මන්ත්‍රීවරු විනාඩි විස්සකට අධික කාලයක් නිහඬ විරෝධතාවයක නිරත වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙගොල්ලොම මාරුවෙන් මාරුවට ඇවිත් රට විකුණනවා. ඒකනේ නිදහස ලැබිලා අවුරුදු 73ක් ගිහිල්ලත් රටට කිසිම වගතුවක් වෙලා නැත්තේ...
කෝවිඩ් නීති උල්ලංඝනය කරමින් ඊයේ ඔය වගේ විරෝධතාවයක් කරපු අනික් අය නම් පොලිසියෙන් අල්ලන්න හොයනවා කියල පත්තරේ තිබ්බා. මේ අයටත් එහෙම වෙයිද? "එක රටක් එක නීතියක්" ක්‍රියාත්මක බව පෙන්වන්න හොඳ අවස්තාවක් මේක....
ගවපාලනේ උම්බෑ හඬ...
දිව දෙකේ සත්තු! පාර්ලිමේන්තුව ඇතුලේදී මේක හොඳ වැඩක්..., මේ මේ සංශෝධන සහිතව සම්මත කරමු කියනවා. එළියෙදී බැනර් අල්ලන් ඉන්නවා. මෙයාලට පිස්සු...!
ඔබතුමාලා කරන කියන දේවල් දාලා ටිකකින් අයින් කරනවා. ඊයේ සජිත් කිව්වා එන්නත් වල වංචාව ඩොලර් 5ට ගෙනැල්ලා ඩොලර් 10ට විකුණනවා කියලා.. එකකට එකක් වංචා කරන කතාව ඊයේ හවසම එක් පුවතකින් අයින් කරලා. මේ වෙලාවේ බොරුව අයින් කරලා කෙළින් වැඩ කළොත් ලබන පාර ගොඩ...