
(අංජුල මහික වීරරත්න)
සමගි ජනබලවේගය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එජාප මහලේකම් නීතීඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතීඥ රොලන්ඩ් පෙරේරා මහත්ම මහත්මීහු මෙම ත්‍රිපුද්ගල කමිටුවට ඇතුළත් වෙති.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒමේ ස්ථාවරය යථාවත් කිරීම සඳහා මෙම පියවර ගත් බව එක්සත් ජාතික පක්ෂය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහිලුවට වගේ කිව්වට, මේ යන විදියට ඇත්තටම ඊලග චන්දෙදි එකට තියල පරද්දන්න පුළුවන් වෙයි වගේ. සුන්බුන් සෙට් එක එකට කන්න සුදානම් වෙමින් ඉන්නේ.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ? මට කොහෙන් හිනා වෙන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය නැතිකරපු, පාගල දාපු, තුට්ටුවකට මායම් නොකරපු කජු සීයාගේ පක්ෂයයි (UNP/SJB දෙකම) සහ මයිනගේ පක්ෂයයි (SLPP) දෙකෙන් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වෙන එකෙක් ඉන්නවනම් ඌට පිස්සු වෙන්න ඕන.
ඔයගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කර ගන්න 1978 විපක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා 1980 යාපනයේ සංවර්ධන සභා චන්දය මංකොල්ල කාලා, 1983 දි කිසිම සාධාරණ හේතුවක් නැතුව රටේ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂ තුනක් එක්වර තහනම් කෙරුව බවත් ඉතිහාසයේ සදහන් වෙනවා.
යාලුවෝ හරියට මාලුවෝ වගේ...
යා දෙක නොරත රත.. එකට පෑහීමක්ද නැත. ඔය හදන්නේ ළාමක ටින් ටින් ගේ විපක්ෂ නායකකමට අරින්න තමයි..
ඒක වේදිකාවට නැග්ගාම ඔයාලාගේ පිරිස ඔයාලාගේ ජනතාවට වඩා වැඩියි.