
(ඉන්දිකා රාමනායක)
මරදාන දස මහල් පොලිස් භට නිවාසයේ නේවාසිකව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන්වරයකුට අයත් රුපියල් 80.000 ක් පමණ වටිනා ජංගම දුරකථනයක් සොරාගැනීම සම්බන්ධයෙන් එහි නේවාසිකව සිටින තානාපති කොට්ඨාසය පොලිස් කොස්තාපල්වරයකු මරදාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු එම ජංගම දුරකථනය බම්බලපිටිය ප්‍රදේශයේ දුරකථන අලෙවි සැලකට රුපියල් 15.000 ට අලෙවි කර තිබියදී සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
මෙම සොරකම ඉකුත් 23 වැනි දින සිදුව ඇති අතර සැරයන්වරයා මේ සම්බන්ධයෙන් මරදාන පොලිසියට පැමිණිල්ලකට අනුව පවත්වා සැකකාර කොස්තාපල් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති හදන අයත් හොරු, රකින අයත් හොරු...
හොරු අල්ලන ආයතනයෙත් පුදුම හොරු ඉන්නව බලාගෙන ගියහම.
කලියුගයේ අපායටත් හෙන ගහනවලු. හොරකම මඩින්න ඉන්න අයම හොරකම් කිරීම...
බලන්න මෙයත් නාකි මයිනගේ කෙනෙක්ද කියලා... ඔවුන් ගියතැන හොරාකනවනේ...